අනුර ප්‍රේමලාල්
කොවිඩ් 19 අවස්ථාවේදී කිසිදු විද්යානූකුල පදනමක් නොමැතිව මුස්ලිම් ජාතිකයින්ගේ දේහය ආදාහනය කිරිමට පියවර ගැනිම සම්බන්ධයෙන් නිතිමය කටයුතු ඉදිරියට ගෙන ගොස් එම තිරණ ගත් අයට දඬුවම් දිමටද ක්‍රියා කරන හෙතෙම කීීය.
ඒ් මහතා මේ බව සඳහන් කළේ ඉකුත් (21) ඒ් මහතාගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්ය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියා සිටියේ තමා මන්ත්‍රීධූරයේ දිව්රුම් දුන්නේ වසර පහටම බවයි. එයට කව්රුත් කොන්දේසී දමා නෑ.අපේ සන්ධානයේ පක්ෂ හතරක් තිබෙන අතර ඉන් පක්ෂ තුනක් මට මන්ත්‍රිධූරය දෙන්න අනුමත කෙරුවා.
ජනතාව හොරකම,දූෂණය නිසා තමන් වෙත පැමිණ තිබෙන ජීවනබර පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජනබල වේගය පැවැසු කතාව පිළිගෙන දැන් ආණ්ඩුවක් පත් කරගෙන තිබෙන බව පැහැදිලියි. නමුත් ඇඟිල්ල දිගු කරනවාට වඩා ආණ්ඩු කරන එක දුෂ්කර බව ඒ් අයටත් දැන් කරුණු අවබෝධ කර ගැනීමට අවස්ථාව උූදාවි තිබෙනබව කිව යුතුයි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මුස්තාපා මහතා මෙසේද කීය…. මම නීතිඥවරයෙක්, දැන් ජනාධිපති නීතිඥවරයෙක් ඒ්වා මගේ වෘත්තීය ජීිවිතයට වැදගත් වුණාට ජනතාවට ඒවායින් පළක් නෑ. ජනතාවට අවශ්‍ය රටේ පාලනය පිරිසිදු කොට ජීවන බවර අඩුකිරීමයි. ඒ් සඳහා ආණ්ඩුව ඇප කැප විය යුතු අතර අපි ඊට කුහක නොවි සහයෝගය ලබාදිය යුතුයි. ආණ්ඩුවටත් එම කටයුතු සිදුකිරීමට යම් කාලයක් අවශ්‍ය වෙනවා. එය අපි මිනිසුන් ලෙස පිළිගත යුතුයි. අපිට එක එක මාතෘකාවල එල්ලි සිටිමින් කාලය කා දමන්න බෑ ජනතාව බලාගෙන සිටිනවා ඒ් අයගේ පැතුම් අපි ඉටුකරන කල්. එය විපක්ෂනායකයා ඇතුළු සියලු මන්ත්‍රීවරුන් දැනගත යුතුයි. දැන් සහතික පෙන්වමින් සිදුකරන නාඩගම නැවැත්විය යුතුයි. මෙය ජනතාවගේ කාලයත් මුදලුත් කා දැමිමක්.
අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ප්රතිසංවිධාන කටයුතු ආරම්භ කර තිබෙන අතර එය පුළුල් සන්ධානයක් නිර්මාණය කිරිම තමයි අරමුණ. අපේ පක්ෂය ඉතිහාසයේ සිටම ජයග්‍රහණ ලබා තිබෙන්නේ ඒ් ආකාරයටයි. අපි ගෑස් සිලින්ඩරයෙන් තරඟ කළේ රනිල් වික්‍රමසිංහ මහතා ගෝඨාභය මහතා විනාශ කළ ආර්ථිකය ගොඩ දැමීිමට කළ මෙහෙයට ජනතාව යම් සහයෝගයක් දක්වයි කියලා නමුත් එය සිදුවුණේ නෑ. මේ වනවිට අපේ පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා අපේ පක්ෂයේ හා පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් සමග සාකච්ඡා කරමින් සීටිනවා ශ්‍රී.ල.නි.ප.ය ප්රමුඛ සන්ධානය ශක්තිමත්ව ඉදිරියට ගෙන ඒ්මට ඒ් අනුව ඉදිරියේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය ඇතුළු සියලු මැතිවරණ ජයග්‍රහණය කිරීීිම සඳහා ඉදිරිපත් වෙනවා.
අපේ පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා, දුමින්ද දිසානායක, මහින්ද අමරවීීර හා ලසන්ත අලගියවන්න මහත්වරුන්ට මගේ නම ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කිරීම ගැන ස්තූතිවන්ත වෙනවා. ෆිච් රේටිං වලදි රටට යම් ස්ථානයක් ලැබිම පීළිබඳ ශ්රීි ලාංකිකයින් ලෙස අපි සියලු දෙනාම සතුටුවිය යුතුයි.
කොවිඩ් 19 අවස්ථාවේදී මුස්ලිම් ජාතිකයින්ගේ දේහය ආදාහනය කිරිම පිළිබඳ කිසිදු විද්‍යාත්මක පදනමක් නැතිවයි සිදුවුණේ. එම ක්‍රියාව නිසා මුස්ලිම් ජනතාවට සිදුවුණු අසාධාරණයක් නිසා අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා ඊට එවකට පැවැති ආණ්ඩුව වගකිව යුතුයි. අධිකරණයට කරන්න දෙයක් නෑ. එම කටයුතු යළිත් ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙන අතර ඒ අවස්ථාවේ වැරැදි තීරණ ගත් අයට දඬුවම් ලබාදිය යුතුයි.
අවසානයේ රටේ ජනතාවට අසාධාරණයක් වන සෑම අවස්ථාවකට නැගී සිටිමින් ඒ අයගේ යහපත වෙනුවෙන් ආණ්ඩුවත් සියලු දෙනා සමග එක්ව කටයුතු කිරීමට බලාපොරාත්තු වෙනවා.
