22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsමත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමෙක් වන ඇල්ටෝ ධර් මේගේ ගෝලයෝ එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මත්ද්‍රව්‍ය ජාලයේ කෙරුමෙක් වන ඇල්ටෝ ධර් මේගේ ගෝලයෝ එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින ඇල්ටෝ ධර්මෙගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තවත් කාන්තාවක් සහ පුද්ගලයකු ලක්ෂ විසිපහක් වටිනා හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී.ආර්. පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 44, උතුරු බුත්පිටිය, බුත්පිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

(18) විශේෂ කාර්ය බලකාය මගින් මහා පරිමාණ කේරළ ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් හතලිස් හත් හැවිරිදි පන්නිපිටියේ කාන්තාවගෙන් දීර්ඝ ලෙස ප්‍ර‍ශ්න කිරිමේ දි එම කාන්තාව සමග සම්බන්ධතා පවත්වමින් මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරු සහ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි සැගව සිටින ඇල්ටෝ ධර්මේගෙ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 ක කාන්තාවක් හා එම මත්ද්‍රව්‍ය මත්ද්‍ර‍ව්‍ය ජාවාරමට ආධාර අනුබල දුන් බුත්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු ලක්ෂ 25 ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 94 ක් හා ජංගම දුරකථන 02 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

මෙම කාන්තවගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍ර‍ශ්න කිරිමේදි මැය මේ වන විට විදේශගතව සිටින ප්‍ර‍ධාන පෙලේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන ධර්මසිරි නොහොත් ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ මෙරට මත්ද්‍ර‍ව්‍ය ජාලය මෙහෙයවන ප්‍ර‍ධාන පෙලේ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කාරියක බව අනාවරණය වී ඇත.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ඇල්ටෝ ධර්මෙගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර තිබේ.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය III හි නිලධාරීන් කණ්ඩායමක් (18) මොරගහහේන පොලිස් වසමේ අංක 269/1 දකුණු උඩුව, කුඩා උඩුව, හොරණ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දැනට ඩුබායි රාජ්‍යයේ සැගව සිටින ඇල්ටෝ ධර්මේ නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලය හසුරවන පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 840 ක් ඩිජිටල් තරාදි 03 ක්, ජංගම දුරකතන 02 ක් හා ව්‍යාජ අංක තහඩු 06 ක්ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත..

පන්නිපිටියේ නිසංසලා රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජාකිලෝග්‍රෑම් 66කට ආසන්න ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් ලක්ෂ පහක් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට.

සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ මගපෙන්වීම හා අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ. කොළඹගේ මහතාගේ නිරීක්ෂණය යටතේ උප පොලිස් පරීක්ෂක ඩි.එම්.එස්. හේමාල් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (18) කොට්ටාව පොලිස් වසමේ අංක 1306/1, හොකන්දර පාර, කොට්ටාව, පන්නිපිටිය ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කේරළ ගංජා ජාවාරමේ යෙදී සිටි මහාපරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන අවුරුදු 47 ක් වයස පන්නිපිටිය ප්‍රදේශයේ පදිංච් නිසංසලා නැමති කාන්තාවක් රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 65, ග්‍රෑම් 480 ක් හා ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂ 05 ක මුදලක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොටුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments