21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඊශ්‍රායල් රැකියාලාභීන්ට සිය තොරතුරු ලබා ගැනීමට නව වෙබ් ද්වාරයක්...

ඊශ්‍රායල් රැකියාලාභීන්ට සිය තොරතුරු ලබා ගැනීමට නව වෙබ් ද්වාරයක්…

ජංගම දුරකථනය ඔස්සේ ද තොරතුරු පරීක්ෂා කිරීමට අවස්ථාව..

ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට සිය තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (23) හදුන්වා දුන්නේය.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කරන විගමනික ශ්‍රමිකයින්ගේ පහසුව සදහා නව දැක්මක් යටතේ කාර්යාංශ වෙබ් අඩවිය මෙසේ යාවත්කාලීන කර ඇති අතර, ශ්‍රමිකයින්හට සිදුවන අපහසුතා හා ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින් මෙය සිදුකර ඇත.

මූලික වශයෙන් ඊශ්‍රායල් රැකියා සදහා අයදුම් කර ඇති ශ්‍රමිකයින්ට මෙම වෙබ් ද්වාරය ඔස්සේ සිය තොරතුරු තමන්ටම ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති අතර  රැකියාව සදහා  අයදුම් කල පසු ඔවුන්ගේ ඉදිරි පියවරයන් සහ අයදුම්කරු රැදී සිටින මට්ටම අයදුම්කරුටම සිය ජංගම දුරකථනය ඔස්සේම හෝ පරිගණකය ආශ්‍රයෙන් දැනගැනීමේ හැකියාව මෙමගින් සලසා දී තිබේ. එසේම අයදුම්කරුගේ තොරතුරු නිවැරදිව, විනිවිදභාවයකින් යුක්තව පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව මෙමගින් සලසා දී ඇත.

මෙම තොරතුරු ලබා ගැනීමට www.slbfe.lk  යන වෙබ් අඩවියට පිවිස බදවා ගැනීම් යටතේ ඇති            ~ඊශ්‍රායලය| යන ද්වාරය තෝරාගෙන ඔබගේ ජාතික හැදුනුම්පත් අංකය , දුරකථන අංකය සහ අනෙකුත් අදාළ දත්ත ඇතුළත් කර ඔබට අවශ්‍ය දත්ත ලබා ගැනීමේ හැකියාව පවතී. සම්පූර්ණයෙන්ම නොමිලයේ ලබා දෙන මෙම සේවාව අවශ්‍යතාවය මත ඉදිරියේදී තවදුරටත් සංවර්ධනය කිරීමට කාර්යාංශය බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments