ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ශ‍්‍රම දායකත්වයෙන් හා රුහුණු කතරගම මහා දේවාලයේ මුල්‍ය අනුග‍්‍රාහකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකයක් මහරගම අපේක්ෂා රෝහලේදි විවෘතවෙයි
රුහුණු මහා කතරගම දේවාලයේ මුල්‍ය අනුග‍්‍රහකත්වයෙන් හා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ පූර්ණ ශ‍්‍රම දායකත්වයෙන් පිළිකා රෝගි දරුවන් වෙනුවෙන් රජයේ රෝහලක් තුල ඉදිකරනු ලැබු පළමු හා එකම ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ ඒකකය විවෘතකිරිම සෞඛ්‍ය හා ජනමාධ්‍යය අමාත්‍ය ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ හා කතරගම දේවාලයේ බස්නායක නිළෙමේ ඩිෂාන් ගුණසේකර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අද දින (2025 ජනවාරි මස 02 වන දින) මහරගම අපේක්ෂා රෝහල් පරිශ‍්‍රයේ සිදුවිය
මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටු තුල නේවාසිකව ප‍්‍රථිකාර ලබාගන්නා ළමුන් සදහා පවතින ඉඩ පහසුකම් අවමවීම හේතුවෙන් රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළෙමේ ඩිෂාන් ගුණසේකර මහතා විසින් කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාල අරමුදලේ මුල්‍යමය අනුග‍්‍රාහකත්වයෙන් 2023 වසරේදි මහරගම අපේක්ෂා රෝහලේ තෙමහල් වාටිටු සංකීර්ණයක් ඉදිකිරිමට ඉදිරිපත් වු අතර අනතුරුව එම ව්‍යාපෘතිය සදහා ගුවන් හමුදාවේ ශ‍්‍රම දායකත්වය ලබාදිම හේතුවෙන් තෙමහල් වාටිටු සංකිර්ණය සිව්මහල් වාටිටු සංකිර්ණයක් ලෙස ඉදිකර 2024 වසරේදී ජනතා අයිතියට පත්කරන ලදි
එලෙස ඉදිකරනු ලැබු සිවිමහල් ගොඩනැගිල්ගේ තෙවන හා සිවිවන මහල් යොදාගනිමින් පිළිකා මාරයාට බිලිව දුක්විදින දරුවන්ගේ ජිවිත්වීමේ අපේක්ෂාව තව දුරටත් අපේක්ෂාවක් පමනක් නොවිමට අවස්ථාව සලසමින් ඇටමිදුලු හා රුධිර ජනන සෛල බද්ධකිරිමේ නව ඒකකය ස්ථාපිත කරනු ලැබු අතර එහි ඉදිරි සියලු නඩත්තු කටයුතු සදහා ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ දායකත්වය ලබාදිමට ගුවන් හමුදාධිපති තුමන් විසින් මෙහිදි එකගත්වය පල කරනු ලැබිය