සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeBusinessඋතුරු පළාතේ සේවා පහසුකම් පුළුල් කරමින්  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සිය නවතම ශාඛාවක් නෙල්ලිඅඩි සහ...

උතුරු පළාතේ සේවා පහසුකම් පුළුල් කරමින්  මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සිය නවතම ශාඛාවක් නෙල්ලිඅඩි සහ මනිපායිහිදී  විවෘත කරයි

ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශය තුළ තම සේවාවන් පුළුල් කිරීම කෙරෙහි වූ සිය කැපවීම තවදුරටත් පසක් කරමින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්  සිය 70  සහ 71 වැනි ශාඛාවන් නෙල්ලිඅඩි සහ මනිපායි හි දී පසුගියදා විවෘත කරන ලදී. පහසුවෙන් ළඟාවිය හැකි, විශ්වසනීය මූල්‍ය සේවාවක් නෙල්ලිඅඩි සහ මනිපායි ප්‍රදේශයන් ආසන්නයේ ජීවත්වන පාරිභෝගික ජනතාවට පිරිනැමීම මෙම  උපායමාර්ගික ව්‍යාප්තියේ මූලික අරමුණ වේ. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා , සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, ප්‍රාදේශීය ආරාධිත අමුත්තන් සහ ප්‍රාදේශීය නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වී සිටියහ. ඒ අනුව  ප්‍රදේශයේ ජනතාවගේ විවිධ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ගැළපෙන මූල්‍ය  විසඳුම් ඉදිරිපත් කරමින් මෙම ශාඛා ද්විත්වය  මෙතැන් සිට පූර්ණ කාලීනව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාව පුරා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් හි සේවා ජාලය වේගයෙන් ස්ථාපිත කිරීමේ  උපායමාර්ගික දැක්ම කෙරෙහි එක් වැදගත් පියවරක් ලෙස අඛණ්ඩව උතුරු පළාත තුළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛාවන් ව්‍යාප්ත කිරීම  සඳහන් කළ හැකිය.එමෙන්ම විවිධ සංස්කෘතික, ආගමික සහ සමාජීය පසුබිම් නියෝජනය කරන සියලුම ප්‍රජාවන්ට සිය උපරිම සේවාවන් සපයමින් ඔවුන් වෙත සහයෝගය දැක්වීමට ද සමාගම කැපවී සිටියි.

නෙල්ලිඅඩි ශාඛාව 163, නිව් මාර්කට් වීව්, පොයින්ට් පෙට්‍රෝ මාර්ගයේ  ස්ථාපිත කර ඇති අතර එහි ශාඛා කළමනාකරු ලෙස සිවරාසා දිලේක්ෂාන් මහතා සේවය කරයි. යාපනය මාර්ගයේ  176 ලිපිනයේ පිහිටි නව මනිපායි ශාඛාවේ කළමණාකරණ කටයුතු මෙහෙයවනු ලබන්නේ කුමාරසාමි කබිලන් මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම් විසිනි. විශ්වාසය සහ ස්ථාවරත්වය සමඟින්  පාරිභෝගිකයාට වඩාත් සමීප සමාගමක් ලෙස ගොඩනගා ඇති කීර්ති නාමය සමඟ සිය සන්නාමය කෙරෙහි තවදුරටත් විශ්වාසය වර්ධනය කිරීමට සහ කලාපයේ සංවර්ධනය සඳහා දිගුකාලීන දායකත්වය ලබාදීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් අපේක්ෂා කරයි.

ලීසිං ,රන් ණය ,ස්ථාවර තැන්පතු සහ ළමා ඉතුරුම් ඇතුළු විවිධ අංශ ඔස්සේ ගණුදෙනුකරුවන් වෙත උසස් තත්ත්වයේ මූල්‍ය සේවාවන් සඳහා වැඩි අවස්ථාවක් මෙම නව ශාඛා විවෘත කිරීම ඔස්සේ පිරිනමනු ඇත.පාරිභෝගියන් වෙත නව්‍ය මෙන්ම වඩාත් ගැළපෙන මූල්‍ය විසඳුම් පිරිනැමීම පිළිබඳ ප්‍රමුඛස්ථානය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් දිනාගෙන සිටියි. සමාගම විසින් නිරන්තරයෙන් ප්‍රජා සංවර්ධනය පිළිබඳ සිය ප්‍රමුඛත්වය ලබා දෙන  අතර  ව්‍යාපාර කටයුතුවලදී ගණුදෙනුකරුවන් වෙත වැඩි අවධානයක් යොමු කරයි. මෙම නව ශාඛා ද්විත්වය මඟින් ද දේශීය ව්‍යාපාරවලට මෙන්ම ජනතාවට ද  සෘජු ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත.සිය සේවාවන්ගේ පැවැත්ම සවිමත් කරමින් දිවයින පුරා පිහිටි සෑම ශාඛාවක් හරහාම ගණුදෙනුකරුවන් වෙත ප්‍රවේශවීමට පහසු,  වඩාත් ගුණාත්මක සේවාවක් පිරිනැමීම ඔස්සේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමඟ ගණුදෙනු කිරීමට පාරිභෝගිකයින් දිරිමත් කරනු ලැබේ. මෙම ව්‍යාප්තිය මඟින් සමාජයේ සියලුම ස්ථරයන් නියෝජනය කරන ගනුදෙනුකරුවන්ට උසස් මට්ටමේ මූල්‍ය සේවා සැපයීම කෙරෙහි සමාගම විසින් දක්වන කැපවීම සහ අධිෂ්ඨානය අවධාරණය වේ .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments