26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය කරන සබන් වර්ගයක් පාරිභෝගිකයින් නොමග යවන බවට නිරික්ෂණය වි...

ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රචාරය කරන සබන් වර්ගයක් පාරිභෝගිකයින් නොමග යවන බවට නිරික්ෂණය වි ඇත- පාරිභෝගික අධිකාරිය.

ශ්‍රී ලංකාවේ සබන් නිෂ්පාදනය කරනු ලබන ආයතනයක් විසින් මෑතක සිට ප්‍රසිද්ධ මාධ්‍ය භාවිතා කරමින් ප්‍රචාරණය කරනු ලබන වෙළෙඳ දැන්වීම්වලදී අදාල සබන් වර්ගය පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියෙහි අනුමත සබන් නිෂ්පාදනයක් ලෙස සඳහන් කරමින් පාරිභෝගිකයන් නොමග යවමින් කටයුතු කරන බවට නිරීක්ෂණය වී ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කිසිදු ආයතනයක කිසිදු නිෂ්පාදනයක් සඳහා අදාළ වන වෙළඳ දැන්වීම් සඳහා කවර ආකාරයක හෝ අනුමැතියක් හෝ සහතිකයක් ලබාදී නොමැති බවත් පාරිභෝගිකයන් නොමග යවමින් සිදුකරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාරණවලට නොරැවටෙන ලෙසත් ව්‍යාපාරිකයින් විසින් සිදු කරනු ලබන එවැනි අසත්‍ය ප්‍රචාරණයන් සම්බන්ධව 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ පනත යටතේ නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් සියළු දෙනා වෙත දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments