22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්චීනයෙන් විවිධ රෙදි පිළි ගෙන්වීම නිසා දේශීය රෙදි පිළි නිෂ්පාදන කර්මාන්ත...

චීනයෙන් විවිධ රෙදි පිළි ගෙන්වීම නිසා දේශීය රෙදි පිළි නිෂ්පාදන කර්මාන්ත දහසක පමණ සංඛ්‍යාවක් වැසී යාමේ අවධානමක්-සුළු හා මධ්‍ය පරිමාණ රෙදි පිළි නිෂ්පාදකයන්ගේ සංගමය

චීනයෙන් විවිධ රෙදි පිළි ආනයනය කිරීම ඇතුළු විවිධ කරුණු හේතුවෙන් දේශීය රෙදි පිළි නිෂ්පාදන කර්මාන්ත දහසකට ආසන්න සංඛ්‍යාවක් වැසී යාමේ අවදානමට ලක්ව ඇතැයි සුළු හා මධ්‍ය පරිමාණ රෙදි පිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක සභික ක්‍රියේටිව් ටෙක්ස්ටයිල් සහ දං කොටුව වීවීන් මිල්ස් විධායක අධ්‍යක්ෂ ෆෙරෝස් අන්වර් මහතා පැවසීය.

මේ හේතුවෙන් සෘජු රැකියා 75000ක් සහ වක්‍ර රැකියා ලක්ෂ පහකට ආසන්න සංඛ්‍යාවක්ද අහිමි වීමේ අවදානමක් මතුව ඇතැයි පැවසූ හෙතෙම මෙරට රෙදි පිළි නිෂ්පාදනය කරන ප්‍රධාන කර්මාන්තශාලා පහද මෙසේ වැසී යාමේ අවදානමට ලක්ව ඇති බව සඳහන් කළේය.

අන්වර් මහතා මෙසේ පැවසුවේ වත්තලදී පෙරේදා(1) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පාසල් නිල ඇඳුම් චීනයෙන් නොමිලේ ලබා ගැනීමත් සමග මෙතෙක් එම සැපයීම් කටයුතු කළ
දං කොටුව වීවීන් සමාගම සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව අන්වර් මහතා ප්‍රකාශ කළේය.

ෆෙරෝස් අන්වර් මහතා මහතා මෙසේද සඳහන් කළේය.

අපි වගේ ආයතන දාහක් විතර තියෙනවා. අප ආයතන දෙක විශාලතම ආයතන. මැෂින් දෙසීයක් තියෙනවා. පාසල් ඇඳුම් ත්‍රිවිධ හමුදාවට ඇඳුම් නිෂ්පාදනය කරනවා. ජාතික කොඩි සිවුරු සියල්ල නිෂ්පාදනය කරනවා. පාසල් නිල ඇඳුම් 2007 ඉඳලා සපයනු ලැබුවා. පාසල් නිල ඇඳුමට දං කොටුව වීවින් මේ සාරම්භ කළා. පාසල් ඇඳුම් නැවතුන නිසා කම්හල දැන් නිකන් වහලා දාලා තියෙනවා. 2022 දී දේශීය නිපදවලා නිල ඇඳුම් දුන්නා. 2023 දී චීනයෙන් දුන්නේ සියයට හැත්තෑවයි. 2024 දී චීන රජය සම්පූර්ණයෙන්ම දුන්නේ. අලුත් රජයක් පත්වෙලා තියෙනවා. 2026 අවුරුද්දට නිදැ ඇඳුම ඇනවුම අපිට භාර දෙන්න කිව්වා. තාම ප්‍රතිචාර නැහැ. චීනයට කියන්න අපිට නූල් ටික ලබා දෙන්න කියලා. අපි රෙදි ටික දේශීයව නිෂ්පාදනය කරලා අධ්‍යාපන අමාත්‍යාංශයට දෙන්නම්. රටේ කර්මාන්ත ටිකට වැඩ ටික එනවා. මේ කර්මාන්තයට අඩු ඉන්න අයට එන්නත් අවස්ථාව ඒකෙන් ලැබෙනවා. පිටරටින් ගොඩක් රෙදි පිටකොටුවට එනවා ඒවයි ප්‍රමිතියක් නැහැ. ඒවට හරියට බදු ගෙවලත් නෑ. ඒවා ගොඩක් අඩුවෙන්නේ විකුණන්නේ. මේ නිසා දේශීය කර්මාන්ත ඇද වැටෙනවා.
ආයතන දහසක් විතර තියෙනවා. ඒ සියලුම ආයතන වැසී යාමේ අවධානමක තියෙනවා. චීනයෙන් ඉන්දියාවෙන් ප්‍රමිතියක් නැති භාණ්ඩ එන නිසා.
ප්‍රධාන ආයතන හයක් තියෙනවා ඒවත් වැසී යාමේ අවදානමක පවතිනවා. 2006 දී ඇනෝමභාර දුන්නොත් අපිට සම්පූර්ණයෙන්ම සපයන්න පුළුවන්. අපිට කර්මාන්තශාලා පහක් තියෙනවා.
කුඩා හා මධ්‍ය පරිමාණ රෙදිපිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ විධායක සභික
දේශීය රෙදි පිළි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජික සරත් බී හෙටිටිගේ
ලංකාවේ හදන රෙදි පිළි අලෙවි කරන්න බෑ. ගොඩක් පිටරටින් එනවා. පාසල් නිල ඇඳුම හැමෝම තමයි මේ රටේ ලොකුම ඇනෝම. අපේ අද නියම ප්‍රමිතියෙන් යුතු රෙදි පිළි ලැබෙන්නේ නෑ. දරුවන්ට දෙන නිල ඇඳුම් රෙද්ද ප්‍රමිතියෙන් යුතු විය යුතුයි. චීනෙන් නිකන් දුන්න පලියට ඇඳුම් අරගෙන රෝගීන් වුණොත්

චීනයෙන් නිකන් දෙනවා කිව්වට වරහන් ඒවා නිදහස් කරන්න ලොකු මුදලක් වැය කරනවා. මේවා ගෙන්වීමට අනුග්‍රහය දෙන්නේ ඖෂධ නිෂ්පාදනය කරන්න ආයතන සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්වන සමාගම්. ආසල් දරුවන්ට අවශ්‍ය වන්නේ රෙදි මීටර් මිලියන 12 යි . ප්‍රධාන කර්මාන්ත ශාලා පහක් තියෙනවා. සැපයීමේ හැකියාව අපිට තියෙනවා.

සරත් බී හෙට්ටිගේ වෙළඳ කළමනාකරු………ගොඩක් යන්ත්‍ර වැඩ කිරීම නවත්වලා තිබේ. ලංකාවේ කිසිම තැනක නූල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක් නැහැ. කර්මාන්තාලා පහක් තමයි මේ කටයුතු ලංකාව පුරා කළේ. මීට පෙර මේ වැඩවලට රජයෙන් සහයක් ලැබුණා. පාසල් නිල ඇඳුම් වලින් සියයට හැත්තෑ අටක් නිෂ්පාදනය කළේ අපි . චීන රජයෙන් නොමිලේ නිල ඇඳුම් දෙනවා කියලා ඖෂධ සැපයුම් කරන ආයතන හරහා තමයි මේ ප්‍රධානය කරන්නේ. මේ නිසා හදපු රෙදි තියෙද්දිම මැෂින් නවත්තලා තියෙන්නේ. හොඳ නිල ඇඳුම් රෙද්දක් තමයි අපි නිෂ්පාදනය කර දුන්නේ. හොඳ තත්ත්වයෙන් යුතු. චීන රජයෙන් දෙන රෙදි තත්ව පරීක්ෂණයක් නැතුව එන්නේ. කර්මාන්තශාලා රැසක් වැහිලා.එකම විශාල රිදි ඇනවුම තමයි පාසල් නිල ඇඳුම. මේ කර්මාන්තශාලා ටික වැහිලා ගියොත් චීන රජයෙන් රෙද්දක් දෙනතුරු බලාගෙන ඉන්න වෙනවා.

මේ වන විට අපේ මැෂින් 79ක් තිබුණා. දැනට දුවන්නේ 19ක් විතරයි. මැෂින් පනහක් වහල තියෙන්නේ. දේශීය නිෂ්පාදකයාට නිසි තැන ලැබිලා නෑ. අපේ රටේ දේවල් අපේ රටේම නිෂ්පාදනය කරන්න රජය මැදිහත් වෙන්න ඕන.ගොඩක් ආයතන ඇනවුම් දීලා බාරගෙන නෑ

අබ්දුල් සකූර් ( කර්මාන්තශාලා කළමනාකරු) මේ අවස්ථාවට එක්වූයේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments