සංවර්ධිත සිනමා කර්මාන්තයක් හා නිර්මාණාත්මක දියුණු උසස් සිනමාවක් උදෙසා දැඩි අවශ්‍යතාවයක් වගේම ඊට උත්සහයකින් කටයුතු කරන වත්මන් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වත්මන් සභාපති, චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා මෙවර විසිතුන්වන පූනේ ජාත්‍යාන්තර චිත්‍රපට උළලේ ලෝක සිනමා නියෝජනය කරන චිත්‍රපට ජූරිය සඳහා තෝරාගෙන තිබීම සුවිශේෂි අවස්ථාවක්වේ.
වසිතුන්වන වන පූනේ ජාත්‍යන්තර චිත්‍රපට උළෙල ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මේ මස (13) සිට (20) දක්වා පැවැත්වීමට නියමිතයි.මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමේ ආදර්ශ පාඨය වන්නේ ” සිනමාව හරහා සංස්කෘතික කතිකාව ශක්තිමත් කිරීම” යන්න යි.
මෙම ජූරි සභාව සඳහා රටවල් හතකින් ප්‍රකට සිනමා විෂයට සම්බන්ධ ප්‍රවීණයන් අටදෙනකු තෝරා පත්කරගෙන තිබේ. ඒ අනුව Tamineh Milan (ඉරාන චිත්‍රපට තිර රචකයෙකු සහ කිර්තිමත් චිත්‍රපට නිෂ්පාදිකාවකි), Sudath Mahaadivlwava (ශ්‍රි ලාංකේය සිනමා අධ්‍යක්ෂ වරයෙකි.ශ්‍රි ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වර්තමාන සභාපතිවරයාය),Petri Kotwica (ෆින්ලන්ත සිනමා අධ්‍යක්ෂ වරයෙකි), Margarida Gil (පාතුගීසි සිනමා කරුවෙකු සහ ලේඛකයෙකි),Marco Bechis(කීර්තිමත් චිලී-ඉතාලි සිනමාකරුවෙකු සහ තිර රචකයෙකි), Djordje Stojiljkovic(සර්බියානු සිනමාකරුවෙකි. රූප භාශාව පිළිබඳ පර්යේෂකයෙකි), Urvashi Archana (දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට රංගන ශිල්පිනියකි), Aniruddha Roy Chowdhury (දකුණු ඉන්දියානු සහ බෙංගාලි සිනමාවේ ප්‍රකට සිනමා අධ්‍යක්ෂවරියකි).
මෙම උළෙල කාණ්ඩ දෙකක් නියෝජනය කරන අතර ලෝක සිනමාව නියෝජනය කරන චිත්‍රපට ජූරියට ශ්‍රී ලංකාවේ සුදත් මහදිවුල්වැව මහතා තෝරාගැනීම ශ්‍රී ලංකාවට ආඩම්බරයකී. ඒ මහතාට TOP NEWS ASIA සුභ පතමු.