21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්සැමට සුරක්ෂාව (Safety for All) වැඩසටහන් මාලාවේ පළමුවැන්න ජා ඇලදි (14) ආරම්භ...

සැමට සුරක්ෂාව (Safety for All) වැඩසටහන් මාලාවේ පළමුවැන්න ජා ඇලදි (14) ආරම්භ කෙරේ.

කම්කරු අමාත්‍යාංශය වැඩබිම් ඉලක්ක කරගෙන ආරම්භ කරනු ලබන සැමට සුරක්ෂාව (Safety for All) වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ජාඇල – ඒකල නර්ඩ් (NERD) ආයතන පරිශ්‍රයේදී (14) දා

රජය ක්‍රියාත්තමක කරනු ලබන Clean Sri Lanka වැඩසටහනට සමගාමීව, සෑම වැඩ බිමක් තුළම යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා “සැමට සුරක්ෂාව” (Safety for All) මැයෙන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා ඉලක්ක කරගෙන කම්කරු අමාත්‍යාංශය යටතේ ඇති කම්කරු දෙපාර්තමේන්තුව,ශ්‍රම වාසනා අරමුදල සහ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනය විසින් එක්ව සාංවිධානය කරනු ලබන දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවේ ආරම්භක වැඩසටහන ජාඇල – ඒකල, නර්ඩ් (NERD) ආයතන පරිශ්‍රයේදී (14) දවස පුරා පැවැත්වේ

මෙම වැඩසටහනේදී, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තශාලා සේවකයන්ගේ රෝග හඳුනා ගැනීමේ වෛද්‍ය කඳවුරක්,කර්මාන්තශාලා සේවකයන්ගේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්,වෘත්තීය පුහුණුව ලබන සිසු සිසුවියන් සඳහා වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ කර්මාන්ත ශාලා සේවකයන් සඳහා ප්‍රථමාධාර පිළිබඳ ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ද කටයුතු සංවිධානය කර ඇත.
එදින පෙරවරු 09 ට වැඩසටහන ආරම්භ කිරීමට නියමිත බව සඳහන් කරන කම්කරු අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෘත්තීය සුරක්ෂිතතාව හා සෞඛ්‍ය පිළිබඳ ප්‍රවර්ධන ක්‍රියාමාර්ග තුළින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සමාජ කතිකාවක් ඇති කොට ඒ හරහා රට තුළ ක්‍රියාත්මක සෑම වැඩ බිමකම සුරක්ෂිතතා සංස්කෘතියක් ඇති කිරීම වත්මන් රජයේ අරමුණ බවයි.

කම්කරු අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතාගේ සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාත්මක වෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments