22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්එක පෑන් පහරින් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදෙන්න පැමිණි ආණ්ඩුව අද ජනතාව ඉදිරියේ...

එක පෑන් පහරින් ජනතා ගැටලුවලට විසඳුම් ලබාදෙන්න පැමිණි ආණ්ඩුව අද ජනතාව ඉදිරියේ කෙඳිරිගානවා නේද- සමාජවාදි ජනතා පෙරමුණ

වත්මන් ආණ්ඩුව අනෙක් අයට වැදි බණ කිව්වද කියලා සැකයක් දැන් ජනතාව තුල මතුවෙමින් තිබෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා ප්‍රකාශ කරයි සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (11) බොරැල්ලේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ පැවැති සමාජවාදි ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවට එක්වෙමින්ය. වත්මන් ආණ්ඩුව ඉදිරිදිනවලදි රටට ඉදිරිපත් කිරීමට යන අයවැය යෝජනා සඳහා සමාජවාදි ජනතා පෙරමුණ ලෙස යෝජනාවලියක්ලබාදීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රධාන ලේකම්වරයා මෙසේද කීය….. දරාගත නොහැකි ජීවන බර, එවැනි තත්ත්වයකත් තිබෙන දූෂණය, හොරාකෑම වැනි දේවල් ජනතාවට පවසමින් ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් වෙනස් කරමින් කටයුතු කරනවා යැයි පැවසු වත්මන් ආණ්ඩුව ජනතාව හමුවේ අද පචවි තිබෙන තත්ත්වයක සිටිනවා. ඒ අනුව අද හාල් කිලෝ එකක මිල කීයද, පොල් ගෙඩියක මිල කීයද මේ භාණ්ඩ ඇතුළු සියලු භාණඩවල මිලගණන් වැඩිවි තිබෙන තත්ත්වයක ආණ්ඩුව මේවා පිළිබඳ කිසිදු නිසි විමර්ශනයක් නොකරන බව පෙනෙනවා. එක පෑන් පහරින් ගැටලු විසඳන්න පැමිණි ආණ්ඩුවට අද වඳුරෙක් නිසා මුළු රටේම විදුලිය විසන්ධිවන තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා. මේවා විශ්වාස කළ හැකි කරුණුද.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගතව ගෙනා මහා බැංකුව ස්වාධීන කිරීම, ආර්ථික පරිවර්ථන පනත, මූල්‍ය කළමනාකරණ පනත, ණය කළමනාකරණ යන පනත් වහාම අවලංගු කරමින් රටට උචිත ආර්ථික වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කළ යුතුයි.

රාජ්‍ය සේවක වැටුප් කාලයකින් වැඩිවි නැති අතර එම ජනතාවට වත්මන් රටේ ඇතිවි තිබෙන ජීවන බරට මුහුණදිය නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා. 2016 අවලංගු කළ රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප යළි ලබාදීමට පියවර ගන්නා ලෙසද ඉල්ලා සිටිනවා. අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින්ගේ ගැටලු විසඳන්න ක්‍රියා කළ යුතු අතර රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ලෙස අප පෙරමුණට අයත් වෘත්තීය සමිති දොළහකින් යුතුව රජයේ අයවැය යෝජනාවලියට අවධානය යොමු කිරීම සඳහා රාජ්‍ය සේවක වැටුප් විසමතා ඉවත් කිරීම, දීර්ඝ කාලයක් තිස්සේ රාජ්‍ය සේවක මූලික වැටුප් වැඩි නොවීම, රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් හා උසස් කිරීම්,අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අවම වැටුප ලබාගැනීම,රාජ්‍ය විශ්‍රාම වැටුප, රාජ්‍ය සේවක දීමනා වැඩිකිරීම,, රාජ්‍ය දේපොළ විකිණීම යන කරුණු හතකින් යුතු එම යෝජනාවලිය ඉදිරිපත් කළා.

මෙම මාධ්‍ය හමුවට ලංකා සමසමාජ පක්ෂයේ නි.ලේකම් එස්. හපුආරච්චි, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විධායක සභික එල්.ආර්.ස්ටීවන් ඇතුළු එම පෙරමුණට අයත් පක්ෂවල නියෝජිතයින් එක්ව සිටියහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments