Homeදේශීය පුවත්ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡාවක්...

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡාවක්…

කර්මාන්ත සහ ආහාර සඳහා භාවිතා කරන ලුණු උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ලුණු නිෂ්පාදන ආයතන සමග සාකච්ඡාවක් ඉකුත් (25) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් විය.

වෙළඳපොලේ අලෙවියට ඇති ලුණු මිල ගණන් සම්බන්ධව අධිකාරිය මගින් සිදුකරන ලද මිල සමීක්ෂණයන්ට අනුව, පසුගිය කාලසීමාව තුල විවිධ මිල ගණන් යටතේ ලුණු අලෙවි වීමත්, කාලීනව ඇතිවූ ලුණු හිඟය සහ කර්මාන්තය මුහුණදෙන ගැටලු සම්බන්ධවත් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

රජයේ සහ ප්‍රමුඛපෙලේ ලුණු නිෂ්පාදකයින් ඇතුළු ආයතන දහ අටක් සමග සිදු කළ මෙම සාකච්ඡාවේදී දැනට පවතින වෙළදපොල තත්වය මත පාරිභෝගිකයා අපහසුතාවට ලක් නොවන පරිදි මිල ගණන් පවත්වාගන යාම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලදී .

ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය වන ලුණු වෙළඳපොළට පැමිණීමට නියමිත බැවින් මාර්තු මස අග වන විට ඉතාමත් තරගකාරී මිලකට එම ලුණු අලෙවි විය හැකි බව නිෂ්පාදකයන් විශ්වාසය පල කල අතර එතෙක් තවදුරටත් මිල ඉහලයාමකින් තොරව මිල ස්ථාවරව පැවතිය යුතු බවට අධිකාරිය සිදුකරණ ලද ඉල්ලීමට ඔවුන් එකගතාවය පල කරණ ලදී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments