29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

එඩ්වින් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

ජන සන්නිවේදන අංශයේ ප්‍රවීනයෙකු ලෙස හැඳින්වෙන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1922 දෙසැම්බර් මස 3 වන දින ගාල්ල උණවටුනේ දී  උපත ලද එඩ්වින් ආරියදාස මහතා මියයන විට 98 වියේ පසුවිය.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙන ආචාර්ය එඩ්වින් ආරියදාස මහතා සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ඨ ලෙස හැසිරවීමෙහි දක්ෂතා දක්වනු ලැබිය.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකර ගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හොබවා තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments