21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000ක් අල්ලයි

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි අසුරන 30000ක් අල්ලයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටලීමකදී අනාවරනය කරගත් තොරතුරු මත වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව ප්‍රදේශයේ ගබඩාකර වෙළදපොලට නිකුත්කිරීමට සුදානම් කර තිබු මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750 කට අධික ප්‍රමාණයක් අද (05දින ) සොයා ගනු ලැබුවා.

අදාල තිරිගු පිටිවල නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මාර්තු / මැයි මාසය ලෙසත් කල් ඉකුත්වන දිනය මෙම වසරේ මාර්තු / මැයි ලෙසත් සදහන්කර තිබු අතර එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබු බැවින් තවදුරටත් ඉදිරියේදී මෙම තොග වෙළදපොලට නිකුත්වීම වැලැක්වීම සදහා අදාල භාණ්ඩ තොගය නිලධාරීන් භාරයට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.

පසුගිය කාල සීමාව තුල ස්ථාන ගණනාවකින්ම මෙවැනි මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු තිරිගුපිටි තොග සම්බන්ධව වැටලීම් සිදුකරන ලද අතර ඒ සම්බන්ධව නීතිමය පියවයර ගනිමින් පවතී . එමෙන්ම මෙවැනි භාණ්ඩ තදුරටත් නැවත සකස්කර මනුෂ්‍ය පරිභෝජනයට නිකුත්කිරීමට ඉඩ ඈති බැවින් එවැනි ක්‍රියාවන් වැලැක්වීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරව කටයුතු කරන අතර එවැනි වංචනික වෙළදුන් සම්බන්ධව තොරතුරු වෙතොත් අධිකාරිය දැනුවත් කරන ලෙසත් මහජනතාව දැනුම් දෙනු ලැබේ.

එමෙන්ම මෙම ගැටලුව අඛණ්ඩව වෙළදපොල තුල වාර්තා වන බැවින් තිරිගු පිටි මිලදී ගැනීමේදී සැපයුම් කරුවන් සහ අදාල භාණ්ඩ වල තත්වය සම්බන්ධව දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් අතරමැදි පුද්ගලයින් විසින් වෙළදපොලට භාණ්ඩ සැපයීමේදී ඔවුන් සම්බන්ධව විමසිලිමත් වෙමින් මිලදී ගැනීම් සිදුකරන ලෙසත් ව්‍යපාරිකයින් දැනුවත් කරනු ලැබේ .

තවද, මෙවැනි කෘමි ආසාදිත තිරිගු පිටි බේකරි සහ ආහාර නිෂ්පාදනය සදහා භාවිතකරන්නේද යන්න සම්බන්දව මෙන්ම සහ වෙළදපලේ අලෙවියට ඉදිරිපත් කරන්නේද යන්න සම්බන්ධ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments