21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක්...

ජපන් රැකියා සඳහා පුහුණු සංචිතයක්…

ජපානය සඳහා ලැබී ඇති හා ඉදිරියේදී ලැබීමට නියමිත රැකියා ඇණවුම් අතුරින් ඉදිකිරීම් හා සාත්තු සේවා යන ක්ෂේත්‍ර සඳහා පුහුණු සංචිත සැකසීමේ අරමුණෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් (10) ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ජනවාරි 24 දින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් පවත්වනු ලැබූ ජපන් රැකියා දැනුවත් කිරීමට සහභාගි වූ අයදුම්කරුවන් අතුරින් අවශ්‍ය සුදුසුකම් සපුරාලන ලද තරුණ තරුණියන්, කාර්යාංශයේ ජපන් භාෂා පුහුණුව සම්පූර්ණ කරන ලද තරුණ තරුණියන් හා කාර්යාංශයේ රැකියා බැංකුවේ ලියාපදිංචි රැකියා අපේක්ෂිතයින් මේ සඳහා සහභාගි විය.

එහිදී, සුදුසුකම්ලත් රැකියා අපේක්ෂිතයන් අතරින් සාත්තු සේවා ක්ෂේත්‍රය සඳහා පුහුණු ලාභීනියන් 26 දෙනෙකු, ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා පුහුණුලාභීන් 16 දෙනෙකු සහ විශේෂිත නිපුණතා සහිත ශ්‍රමික වැඩසටහන යටතේ හෙඳ සත්කාරක ක්ෂේත්‍රය සඳහා තෝරාගත් 6 දෙනෙකු පෙර විගමණික පුහුණුව සඳහා යොමු කරන ලදි.

ජපන් භාෂා ප්‍රවීණතාවය වැඩි දියුණු කිරීම සහ ජපානයේ ජීවන රටාව, සංස්කෘතිය පිළිබඳව දැනුවත් කිරීම, ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කිරීම මෙම පෙර විගමණික පුහුණු වැඩසටහන තුළින් බලාපොරොත්තු වේ. එමගින් ජපානයේ රැකියා සදහා සරිලන භාෂාමය, කායික හා මානසික යෝග්‍යතාවයෙන් හෙබි කාර්යක්ෂම, විනයගරුක පුහුණුලාභීන් පිරිසක් ජපානයට යොමු කිරීමට අපේක්ෂා කරන අතර ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබෙන යහපත් ප්‍රතිචාර මෙන්ම රැකියා අවස්ථා වැඩිකර ගැනීමටද අපේක්ෂා කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments