21 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedමිල්කෝ ආයතනයේ වංචා දූෂණ රැසක් එළියට.

මිල්කෝ ආයතනයේ වංචා දූෂණ රැසක් එළියට.

අද කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී එම ආයතනයේ සභාපති හේමජීව ගෝඨාභය මහතා කරුණු පැහැදිලි කළේ මෙසේය…………මිල්කෝ ආයතනයේ දේශීය කිරි ගොවීන් මත යැපෙන ආයතනයක් විශාල කිරි නිෂ්පාදන ප්‍රමාණයක් හයිලන්ඩ් සන්නාමය යටතේ අපි වෙළඳපොළට නිකුත් කරනවා
ග්‍රාමී ආර්ථිකයට අපේ විශාල පිටුවහලක් වෙනවා. milka ආයතනය 2024 වන විට තිබුණේ ඉතා අවිනිශ්චිත තැනක මේ ආයතනය ඈවර කරලා ඉන්දියානු සමාගමකට පවරන්න අදාළ සියලු කටයුතු කරඅ තිබුණේ.
සමහර දූෂණ වංචාව ගැන මේ වනවිට පරීක්ෂණ යනවා. කිරිපිටි තත්ත්වයෙන් බාල යම් ප්‍රමාණයක් සත්ව ආහාර විදිහට ලබා දීලා තිබෙනවා තිබෙනවා. ඒ ගැන අපි පොලිස් විමර්ෂන වලින් හොයාගත්තා ඒ කිරිපිටි සමාගමෙන් ලබාගෙන වෙනත් නම් වලින් විකිණිලා තිබෙනවා. ඉතා විශාල ඉන්ධන වංචාවක නඩුවක් යනවා.
මේ මොහොතේ තියෙන ප්‍රශ්නයක් තමයි අපිට සමහර ගිණුම්වල දත්ත නැහැ කොහෙටද ගියේ කොහොමද ගියේ කියලා විගණන අංශත් එක්ක එකතුවෙලා අපි නිශ්චිත තැනකට එකතු කරනවා සමහර දේවල් හොයනකොට පරීක්ෂණ කණ්ඩායම් වලටත් ඒක ලේසි නෑ.
අඳුරු අතීතයකට අපි තිත තියලා තියෙන්නේ දීප්තිමත් අනාගතයකට යන්නයි දැන් තියෙන්නේ ලංකාවේ කිරි ගොවීන්ට වඩා ශක්තියක් වෙමින් වඩා හොඳ ගුණාත්මයෙන් යුත් කිරි නිෂ්පාදන දෙන ගමන් ලංකාවේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදන ආයතනය බවට පත්වෙන එකයි අපේ අරමුණ රටේ ජනතාවගේ බදු මුදල් තමයි මේ බිලියන ගානක් නාස්ති වෙලා තිබෙන්නේ ඒ නාස්ති අවම කරලා තිබෙන මේ මොහොත වෙනකොට පරණ විනාශයන් තිබෙනවා අපි ඉදිරියේ නීති මේ පැත්තෙන් කරන්න ඕන දඬුවම් අපි ඉදිරියට කරගෙනයනවා ඉදිරියට මෙවන් දේවල් නොවෙන විදිහට අපි කටයුතු කරනවා. වත්මන් ජනාධිපතිවරයා ඒ කාලේ මේ ආයතනයේ බාර අරගෙන ඉතා විශාල තැනකට ඔසවා තැබුවා. නැවතත් මේ ආයතන කඩා වැටුනා මේ ආයතනය ව්‍යුහය වෙනස් කරලා ස්ථාවර ආයතනයක් බිහිකර ගන්න එක අපි අදහස මේ ආයතනය ඇයවර කිරීමට අපේ කිසිම අදහසක්නෑ.
දැනට අපේ පැත්තෙන් කිසිම තීරණයක් අරගෙන නැහැ මිල වැඩි කරනවද කියලා මේ තිබෙන මිලටම කිරිපිටි සපයනවා.
මිල අඩු කරන්න පුළුවන් නිෂ්පාදන කිහිපයක් තිබෙනවා වැට් බද්ධ අයින් වෙනවත් එක්කම දියර කිරි සහ යෝගට් වල යම් මිල අඩු කිරීමක් අපි අප්‍රේල් මාසේ කරන්න බලාපොරොත්තු වෙනවා.
පසුගිය මාස හතරක අපේ ප්‍රතිඵලයට හම්බවුණු එක සම්මානයක් තමයි මේ තියෙන්නේ රුපියල් මිලියන පහකට වටිනාකම තක්සේරු කරලා ඈ වර කරන්න හිටපු සන්නාමයකට අපිට පේපර්ස් ඕඩ්ස් හම්බුනා. කිරී අංශයේ වටිනාම සන්නාමය විදිහට.
දළ වටිනාකම ගත්තොත් ඈ වර කරන්න ගියේ බිලියන 25කට බ්‍රෑන්ඩ් වැලිව් එක දීලා තිබුණේ රුපියල් මිලියන පහකට සත්‍ය වෙළඳපොළ වටිනාකම තක්සේරු කරන්න ගියානම් ඊට වඩා විශාල අගයක් වෙන්න ඕනේ මේ ආයතනය සම්පූර්ණයෙන් ඈවර කරලා දෙන්න හැදුවේ ඉන්දියාවේ අමුල් සමාගමට. එහෙම කරන්න ගිය ආයතනයට තමයි කිරි අංශයේ වටිනම සන්නාමේ විදිහට අපිට සන්නාමයට සම්මාන හම්බවුණේ. මේ මාස ගාන ඇතුළත කරපු ලොකුම දේ තමයි අපි රටේ ජනතාවගේ ඔලුවේ හයිලන් කියන සන්නාමය කොච්චර වටිනාකමක් විදියට තියෙනවද කියන එකට සාක්ෂි තමයි මේ තියෙන්නේ.
මිල්කෝ ආයතනය ඉන්දියානු සමාගමකට පැවරීමට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලාා තිබුණේ කර්මාන්තශාලා සියල්ල අපිට අයත් ඒවා තක්සේරු කරලා තිබුණේ මේ මොහොත වෙනකොට තියෙන සමස්ත වටිනාකමින් ඉතාම සුළු වගයක් තමයි බිලියන 25ක් කියන්නේියන්නේ කුණු කොල්ලෙට මේක පවරලා දෙන්න තමයි පහුගිය ආණ්ඩුව කටයුතු කරලා තිබුණේ නව රජයත් එක්ක තමයි මේ නව අධ්‍යක්ෂ මණ්ඩලය මේ ආයතනයට පත්වෙන්නේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments