ශ්‍රී ලංකා නිදහස් උපස්ථායකයින්ගෙ සංගමය 2025 නිල ලාංඡන(Caregiver) පැළඳවීමේ උත්සවය සදහා ශභාගී වීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමිනි
මෙම අවස්තාව කොළඹ තැපැල් මූලස්ථානයේදී පැවැත්වුණා.
ඒ හිටපු ජනාධිපති හා සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.ඊට අමතරව සෞඛ්‍යා ජනමාධ්‍ය ආමාත්‍යංශයෙ ලේකම් අනිල් ජාසිංහ මහතාද මේ අවස්ථාවට සහභාගිවූයේය. සංගමයේ ප්‍රධාන ලේකම් කේ.වී ඔෂාන් චමීර සමන් කුමාර ප්‍රමුක නිළධාරීන් ඇතුලු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
එහිදී සංකේතාත්මකව නිල ලාංඡන පැළඳවීම සිදුකෙරුණා. උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා සභාව ආමන්ත්‍රණය කරමින් අනතුරුව එළියට පැමිණ මාධ්‍ය වෙත අදහස් දැක්විය.
එහිදී සත්ත්ව සංගණනය ගැන ඔහු විසින් සඳහන් කරමින් එම සංගනනය හොඳයි. කරන ක්‍රමවේදය වැරදි බවයි ඔහු පැවසුවෙ.
ඊට අමතරව බටලන්ද කොමිසම ගැන ඇසූ ප්‍රශ්නයේදී ඔහු සඳහන් කළේ අසූ නමය කාලයේදී උතුරේ දකුණේත් ගැටුම් පවතින බවත් ඊට අමතරව තවත් කල්ලි ඒ දවස්වල සිටි බවත් ඒ ගැන පරීක්ෂණය කිරීම හොඳ බවත් පැවසුවේය.ඊට අමතරව තමා ජනාධිපතිව සිටි කාලයේදී පත්කළ තවත් කොමිෂන් සභා තිබෙන අතර එම කොමිසම් සභා ගැන ද පර්යේෂණ ආරම්භ කරන ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මහ බැංකු මුදල් වංචා කොමිසම ශ්‍රී ලංකන් ආයතනය කොමිසම වැනි කොමිසන් යළි ක්‍රියාත්මක කරනවා නම් එය රටට හොඳයි.
ඊට අමතරව පාර්ලිමේන්තුවට මෙම කොමිසම් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළත් එතනින් එහාට එහි රාජකාරිය පැවරි ඇති එම අමාත්‍යවරුන්ට බවද ඔහු වැඩිදුරදත් සඳහන් කරා.