ඉරිදා, පෙබරවාරි 15, 2026
HomeUncategorizedපළාත් පාලන මැතිවරණය 2025 නාමයෝජනා භාර ගැනීම.

පළාත් පාලන මැතිවරණය 2025 නාමයෝජනා භාර ගැනීම.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් කිරීමේ කටයුතු අද (19) මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙන්නේ ඇප තැන්පත් කිරීමේ කටයුතු භාරගැනීම පසුගිය 03 වනදා ආරම්භ කෙරුණු අතර කිසිම හේතුවක් මත එය අවසන් කිරීමේ දිනය දීර්ඝ නොකරන බවය‍ෙපළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඇප තැන්පත් භාරගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාවලදී පහසුකම් සපයා තිබුණි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා භාරගැනීම හෙට (20) මධ්‍යහ්න 12න් අවසන් වීමට නියමිතය.ෙ නාමයෝජනා භාරගැනීම ඉකුත් 17 වනදා ආරම්භ කෙරුණි.ඒ අනුව හෙට මධ්‍යහ්න 12 සිට පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනු කිරීමට කාලය ලබාදී ඇති බව මැතිවරණ කොමිසන් සභාව සඳහන් කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ ඉන් අනතුරුවය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments