22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPසහල් තොග සැඟවීම නිසා රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනා සහල් රාජසන්තකයි.

සහල් තොග සැඟවීම නිසා රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනා සහල් රාජසන්තකයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගිය මස කොළඹ 12 , පරණ යොන් වීදිය පිහිටි ෆර්වින් ට්‍රේඩර්ස් නමැති ආයතනයේ සිදුකරන ලද වැටලීමකදී කීරි සම්බා සහල් තම සන්තකයෙහි තබාගන නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධව එම වෙලදසලෙහි හිමිකරු වන අබ්දුල් ජබ්බාර් මොහොමඩ් සීයාස් සහ එහි කළමනාකරු වන කුරුප්පන් මුරුගයියා යන අයට එරෙහිව පසුගිය මස 11 වන දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයහි (අංක 5) නඩු පවරන ලදී.

අදාල නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව ගරු අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10000.00 බැගින් රුපියල් 20000.00 ක දඩ මුදලක් නියම කරන ලදී . එහිදී එම වෙළදසැලේ සගවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3000ක් ද නිලධාරීන් විසින් ගරු අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) දින ගරු අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙලදපල වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කරනු ලැබීය.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කල අවස්ථාවක අදාල වෙලෙන්දා වැරදිකරු වූවහොත් ඊට අදාල භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට ගරු අධිකරණයට හැකියාව ඇත.

වෙලදපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සගවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments