21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම්-පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම්-පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන අතර එම විශේෂ වැඩසටහන 2025 අප්‍රේල් මස 25 දින දක්වා ක්‍රියාත්මකය.

එහිදී 2025 මාර්තු 25 දින සිට ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළඳපලට පැමීණීම වැලැක්වීමටත් උත්සව සමයේදී වෙළඳපල තුල පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් හා ගැටලු මඟහැරවීම සඳහාත් කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

එමෙන්ම අදාල කාලසීමාව තුලදී සුපිරි වෙළඳසැල්ද ඇතුළුව සිල්ලර වෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් ද වැඩි අවධානයක් යොමුකිරීමට නියමිතය.

අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට අමතරව ඇඳුම් පැළඳුම්, කල් පවතින භාණ්ඩ සහ විදුලි උපකරණ මෙම කාලසීමාව තුලදී වැඩි ඉල්ලුමක් සහිතව අලෙවි වන බැවින් එවැනි වෙළඳසැල් සම්බන්ධව ද වැඩි අවධානයන් යොමු කරන ලෙස නිලධාරින් වෙත උපදෙස් ලබාදී ඇත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ සම්බන්ධව සිදුකරනු ලබන වැටලීම්වලදී කීරි සම්බා සහ සම්බා සහල් වැඩි මිලට අලෙවි කිරීම හා සඟවා තබා ගැනීම සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස ද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
එමෙන්ම මෙම කාලසීමාව තුළදී අන්තර්ජාලය හරහා සිදුකරන මිලදී ගැනීම් වලදී වඩාත් සැලකිලිමත් වන ලෙස පාරිභෝගිකයන් දැනුම්වත් කරනු ලැබේ. තවද මෙම කාලසීමාව තුළ වෙළෙඳසැල් වැටලීම් සහ විමර්ශන සඳහා විශේෂ කණ්ඩායම් යෙදවීමට ද කටයුතු කරනු ලැබෙන අතර වැරදි සිදු කරනු ලබන වෙළෙදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට ද නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

උත්සව සමය තුලදී පාරිභෝගිකයින්ට ඇතිවන ගැටලු කාර්යාල වේලාව තුළදී 1977 කෙටි දුරකථන අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිලි කිරීමටත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීමටත් හැකිය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments