සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්කල් ඉකුත්වීම නිසා සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කළ ලුණු කෑමට විකුණලා

කල් ඉකුත්වීම නිසා සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කළ ලුණු කෑමට විකුණලා

කල් ඉකුත්වීම මත සුපිරි වෙළෙඳසැල් වලින් ඉවත්කරනු ලබන ආහාර වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ සත්ව ආහාර සැපයුම්කරුවකු විසින් මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පසුගිය මාර්තු 14 දින අධිකාරියේ නිලධාරීන් විසින් එම සත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසැලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදු කරන ලදී.

එම වැටලීමේදී සත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදී ගෙන තිබූ කල් ඉකුත් වූ ලුණු, අතරමැදියකු යොදා ගනිමින්, පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසැලකට අලෙවි කර තිබූ අතර එකී වෙළෙඳසැල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එකී ලුණු පැකට් 06ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2700 ක තොගයක් සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත.

ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ පිහිටි නීරෝ ලංකා ෆීඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට, සේදවත්ත පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරවේල් ජයකුමාර් නැමැති අතරමැදියාට සහ කොළඹ 12, අසෝක ඉම්පෙක්ස් ආයතනයේ ගනේෂන් ශ්‍රී රාමක්‍රිෂ්ණන් යන සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව (25) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.

එහිදී අදාල චුදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000 ක් සහ අනෙත් චුදිතයන් දෙදෙනාට රුපියල් 7,500.00 බැගින් ගරු අධිකරණය මගින් දඩ නියමකරනු ලැබීය. එමෙන්ම අදාල නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2700 ක ප්‍රමාණය විනාශ කිරීමට ද ගරු අධිකරණය නියම කර ඇත .
උත්සව කාලසීමාවක් ද ඉදිරියේදී එළබෙන බැවින් අතරමැදියන් විසින් සිල්ලර වෙළදසැල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙසත් සුපිරි වෙළදසැල් මගින් සත්ව ආහාර සදහා නිකුත් කරනු ලබන ආහාර අතරමැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවිකිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළ යුතු බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සිල්ලර වෙළෙදුන්ට මෙන්ම සුපිරි වෙළදසැල් වෙත ද දැනුම් දෙනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments