සිකුරාදා, පෙබරවාරි 6, 2026
HomeTOPපාරිභෝගික නීති කැඩු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ශාඛා 23 කට නඩු...

පාරිභෝගික නීති කැඩු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් ශාඛා 23 කට නඩු…

උත්සව සමය තුල වෙළෙඳපොළේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භකර ඇති විශේෂ වැටලීම් වැඩසටහන යටතේ ( 01) දින දිවයින පුරා පිහිටි සුපිරි වෙළඳසැල් 23 ක් වැටලීම් සිදුකර තිබේ.

එම සුපිරි වෙළෙඳසැල් අතරින් වෙළදසැල් 16 ක කල් ඉකුත් වූ භාණ්ඩ සම්බන්ධවත් අනෙකුත් වෙළදසැල්වල විකිණීමට ඉදිරිපත්කර ඇති භාණ්ඩයන්හි මිල ප්‍රදර්ශනය නොකිරීම, වැඩි මිලට භාණ්ඩ අලෙවිකිරීම, පාරිභෝගිකයන් නොමග යැවීම සහ භාණ්ඩ වල සදහන්කල යුතු තොරතුරු නොමැතිව විකිණීම යන වැරදි නිලධාරීන් අනාවරණය කරගෙන ඇත.

පසුගිය වසර තුල සිදුකරන ලද විමර්ශනවලදී ජාල වශයෙන් පවත්වාගන යන සුපිරි වෙළදසැල් ශාඛා 172 කට එරෙහිව නඩු පැවරීම් සිදුකර ඇති අතර එහිදී වරදකරුවන් වීම නිසා එම ආයතනවලට රුපියල් මිලියන 6.5 කට අධික දඩ මුදල් අධිකරණ මගින් නියමකර ඇත.

එමෙන්ම පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් වෙළෙඳපොළේ සිදුකරන වැටලීම්වලදී සුපිරි වෙළදසැල් වලද වැටලීම් සහ විමර්ශන අඛණ්ඩවම සිදුකරන අතර ඉහත වැටලීම් වලදී අනාවරණය වූ සුපිරි වෙළදසැල් අතරින් 16 ක් පමණ ප්‍රසිද්ධ සුපිරි වෙළදසැල් ජාල වශයෙන් පවත්වාගන යන ආයතන වේ.

ඒ අනුව සුපිරි වෙළඳසැල්ද ඇතුළුව වෙළඳපොළෙන් භාණ්ඩ මිලදීගැනීමේදී කල් ඉකුත්වීමේ දිනය ඇතුළු අනෙකුත් තොරතුරු සම්බන්ධයෙන් නිරන්තරයෙන් පරීක්ෂාකරන ලෙස අධිකාරිය පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments