22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්අධිකරණයට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ තරයේ හෙලා දකිමු- ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

අධිකරණයට බලපෑම් වන ආකාරයේ ප්‍රකාශ තරයේ හෙලා දකිමු- ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එහි ජාතික සංවිධායක නීතිඥ රසාංඟ හරිස්චන්ද්‍ර මහතා කියා සිටියි.

එම නිවේදනයේ කරුණු තවදුරටත් මෙසේ දැක්වේ…….ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා බෙලිඅත්තේ, පළාත් පාලන මැතිවරණය සඳහා පැවැත් වූ දේශපාලන වේදිකාවකදී විනිසුරුවරුන් නඩුවලින් ඉවත් වීම පිළිබඳව අධිකරණයට මෙන්ම සමාජයට බලපෑමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කරන ලදී.ලබැඳියාවන් අතර ගැටුමක් ඇත්නම් නඩුවකින් ඉවත්වීම විනිසුරුවරයෙකුට ඇති අයිතියකි. මෙවැනි ප්‍රකාශ මගින් ස්වාධීන අධිකරණ ක්‍රියාමාර්ගවලට මෙන්ම යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට සිදුවන බලපෑම අප තරයේ හෙලා දකිමු. මැතිවරණ වේදිකාවේ හුදු දේශපාලන වාසි ලබා ගැනීමට කරන මෙවැනි ප්‍රකාශ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂද තමන්ගේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බව අපගේ විශ්වාසයයි.ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම ද මෙවැනි ආකාරයේ ප්‍රකාශ වලින් දේශපාලනඥයන් වැළැකිය යුතු බවට දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට උපදෙස් ලබාදීම වඩා කාලීනය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments