21 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයෙකු, මාධ්‍යවේදියෙකු, පරිසරවේදියෙකු, ගුරුවරයෙකු මෙන්ම වියතෙකු ලෙස ජනාදරයට පත් වූ කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය  අනුග්‍රහයෙන් සිදු කිරීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද 2021.01.23 දින උපදෙස් ලබා  දුන්නේය.

ජනසන්නිවේදන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පෘථුල අත්දැකීම් මෙන්ම සුවිශේෂී විෂය දැනුමක් සමාජයට දායාද කළ කෘතහස්ථ හා ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙකු වන එතුමාගේ අවසන් කටයුතු බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශය හා ජනමාධ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව සිදු කරනු ඇත.

ඒ සඳහා බුද්ධශාසන ආගමික හා සංස්කෘතික අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතාට අග්‍රාමාත්‍යතුමා අද දින උපදෙස් ලබා දී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments