29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්හෝමාගම මනාල යුවල දෙකකට කොරෝනා

හෝමාගම මනාල යුවල දෙකකට කොරෝනා


හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයේ පවත්වන ලද විවාහ උත්සව දෙකක මනාල යුවල දෙකකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව හෝමාගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත විජේසූරිය මහතා පවසයි.

ඒ අතරින් පාදුක්ක වටරැක ප්‍රදේශයේ පැවති විවාහ උත්සවය සැමරීම දින තුනක් ස්ථාන තුනකදී සිදුකර ඇති බවද අනාවරණය වී තිබේ.

ඉන් අවස්ථා දෙකකට අදාළ අවසරය ලබාගෙන තිබුණත් නිවසක පැවති උත්සවය සඳහා අවසරගෙන නොමැති බව ද අනාවරණය වී ඇත.

එම උත්සව අවස්ථා තුන, කඩුවෙල රණාල ප්‍රදේශයේ නිවසකත් පාදුක්ක මීපේ ප්‍රදේශයේ හෝටලයකත් පාදුක්ක වටරැක ප්‍රදේශයේ නිවසකත් පවත්වා තිබුණි.

උත්සව තුනෙන් පසු අදාළ මනාල යුවල නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයකට ගොස් සිටියදී ඇති වු රෝගී තත්ත්වයක් මත සිදුකළ PCR පරීක්ෂණයකදී එම දෙදෙනාම කොවිඩ් – 19 වෛරස ආසාදිතයින් බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අදාළ උත්සව තුනටම සහභාගී වූ පවුල් 100 කට වැඩි ප්‍රමාණයක පිරිසක් නිරෝධායනය සඳහා යොමු කරමින් සිටින බවද ප්‍රියන්ත විජේසූරිය මහතා පැවසීය. 

අනෙක් කොවිඩ් – 19 ආසාදිත මනාල යුවල හෝමාගම පිටිපන ප්‍රදේශයේ උත්සව ශාලාවක මංගල උත්සවය පවත්වා ඇති අතර ඔවුන් දෙදෙනාට ද ඇති වූ රෝග ලක්ෂණ හේතුවෙන් සිදුකළ PCR පරීක්ෂණයේදී ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

එම උත්සවයට සහභාගී වූ මනමාල පාර්ශ්වයේ 25 දෙනෙකුට සිදුකළ PCR පරීක්ෂණවලදී ඉන් 12 දෙනෙකුට කොවිඩ් -19 ආසාදිත බවට තහවුරු වී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments