22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්මෝදර සැමට සරණ ළමා නිවාසය තවත් විධිමත් කිරමට පියවර ගන්නවා- බ.ප. ආණ්ඩුකාර

මෝදර සැමට සරණ ළමා නිවාසය තවත් විධිමත් කිරමට පියවර ගන්නවා- බ.ප. ආණ්ඩුකාර

සැමට සරණ. වර්ෂ 1988. ආරම්භ කළ රජයේ අනුමත පුණ්‍ය ආයතනයක්පිහිටා තිබෙන්නේ අංක 531 අලුත් මාවත මෝදර කොළඹ පහළව

මෙහි. උතුරු කොළඹ. ප්‍රදේශයේ. අනාථ දරුවන්. වැඩිහිටි හව්හරණක් නැති දරුවන් මිත්තණිය විසින්. බලාගන්නා අඩු ආදායම්ලාභී දරුවන්. මව නැති. පියා මතට ඇබ්බැහි වූ. දරුවන් මෙම ස්ථානය රැකවරණය ලබයි.
ඒ වගේම ජීවන උපායක් නැති. වැඩිහිටි පවුල් සඳහාද. මෙහි පිහිට ලබාදෙයි

වයස අවුරුදු දෙකහමාරේ සිට උසස් පෙළ දක්වා. අධ්‍යාපනයද ලබා දෙනවා. හය වසරේ සිට. උසස් පෙළ දක්වා. මේ දරුවන් රජයේ පාසැල් වලට යොමු කරනවා.මෙහි සිටින සමහර දරුවන්ට උප්පැන්නයක් පවා. නොමැති. මව පියා නොහඳුනන. දරුවන් බොහෝ පිරිසක් අධ්‍යාපනය ලබනවා

රජයේ කිසිම ආධාරයක් උපකාරයක් නොමැතිව පවත්වාගෙන යන මෙම පුණ්‍ය ආයතනය. දානපතියන්ගේ උපකාරයෙන් පවත්වාගෙන යන. ආයතනයකි

දරුවන් 180ක් පමණ සිටින මෙම ආයතනය. තුළදී සිංහල දෙමළ. භාෂා දෙකෙන්ම. පළමු වසරේ සිට පහ දක්වා. අධ්‍යාපනය ලබා දෙනවා. ඒ වගේම මුඩුක්කු. සහ පැල්පත්වල ජීවත් වෙන. දිළිඳු පවුල්වල දරුවන්ටද ඇඳුම් පැළඳුම් සපත්තු ආහාර. සහ ඔවුන්ට පාසලට පැමිණීමට. බස් රථයක්. ද යොදා පහසුකම් සලසා තිබෙනවා.

කොළඹ නගර සභාවට අයත්. ඉඩම් කොටසක අනූනම අවුරුදු බදු යටතේ. වසරක් තිහකට වැඩි කාලයක් පවත්වාගෙන යන මෙම පුණ්‍ය ආයතනය.
ළමුන් සෙල්ලන් කරන යාබද ඉඩම පසුගියදා කොළඹ නගර සභාවට පවරා ගැනීමට යාම හේතුවෙන්. දරුවන් දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි. මෙහි වර්තමාන සභාපතිනි. ක්‍රිෂ්ටබල්. සවරි මුත්තු. මහත්මිය පවසනවා.

ඊයේ හතරවෙනි දින. මේ ගැන වැඩිදුර සොයා බැලීම සඳහා. කොළඹ නගර සභාවේ නිලධාරීන් සහ. බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා. පැමිණියා.එහිදී. බස්නාහිර පළාත්. ආණ්ඩුකාරවරයා පැවසුවේ. මේ දරුවන් දැකීමෙන් තම නෙතට කඳුළක්. ආ බවත්. මේ දරුවන් වෙනුවෙන් කරන සේවාව. ගැන සිතා. අදාල බලධාරීන් සමග සාකච්ඡා කර. සාධාරණයක් කරන බවයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments