22.4 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPඅවුරුදු සේල් 36 කට නඩු- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

අවුරුදු සේල් 36 කට නඩු- පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

උත්සව සමය වෙනුවෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන යටතේ (08) දිවයින පුරා ක්‍රියාත්මක වන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සහ විමර්ශන ක්‍රියාත්මක කරනු ලැබීය.

අදාල විමර්ශනවලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පනතට අනුව වැරදි සිදු කරමින් සේල් පවත්වාගන යනු ලැබූ වෙළෙදුන් 36 කට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන් විසින් කටයුතු කර ඇත.

අදාල වැටලීම්වලට ලක්වූ ව්‍යාපාරික ස්ථාන අතර ඇදුම් පැළදුම් හා විදුලි උපකරණ අලෙවිය සිදුකරන සේල් සම්බන්ධව වැඩි අවධානයක් යොමු වූ අතර ඉදිරියේදී සිදුකරනු ලබන වැටලීම්වලදී ද ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

සේල් මගින් භාණ්ඩ අලෙවිකිරීමේ දී විදුලි උපකරණ සදහා ලබාදිය යුතු මාස 6 ක වගකීම පාරිභෝගිකයන්ට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවත්,පාරිභෝගිකයන් නොමග යවන ආකාරයෙන් කටයුතු නොකළ යුතු බවත් වෙළදුන් දැනුම්වත් කරන අතර වෙළෙඳපොලේදී භාණ්ඩ මිලදීගැනීමේ දී සෑමවිටම කල්පනාකාරීව තෝරා ගැනීම් සිදුකිරීමට කටයුතු කරන ලෙසත් ගැටළුවක් ඇති වුවහොත් අවශ්‍ය ඉදිරි කටයුතු සදහා අනිවාර්යයෙන්ම බිල්පතක් ඉල්ලා සිටින ලෙසත් පාරිභෝගිකයන් දැනුවත් කරනු ලැබේ.

වෙළෙඳපොලේදී පාරිභෝගිකයන් අසාධාරණයට ලක්වීම වැලැක්වීම සදහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිරන්තරයෙන් විමර්ශන, වැටලීම් මෙන්ම වෙළදුන් සහ පාරිභෝගිකයන් දැනුවත් කිරීම සදහා ද විශේෂ වැඩසටහන් අඛණ්ඩවම තවදුරටත් ක්‍රියාත්මක කරනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments