අනුර ප්‍රේමලාල්
රුපියල් විසිඑක්දහසක්ව පැවැති පෞද්ගලික අංශයේ ජාතික අවම මාසික වැටුප අයවැය යෝජනා අනුව මේ වසරේ සිට මසකට රුපියල් විසිහත්දහසක් දක්වා වැඩි කෙරෙන අතර ජාතික අවම දෛනික වැටුප රුපියල් හත්සීයේ සිට එක්දහස් අසූව දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බව කම්කරු අ මාත්‍යාංශය ප්‍රකාශ කරයි.
පෞද්ගලික අංශයට දැනට ගෙවනු ලබන ජාතික අවම මාසික වැටුප වන රුපියක් විසිඑක්දහස ගෙවනු ලැබුයේ 2024 අංක 48 දරණ ජාතික අවම වේතනය (සංශෝධන) පනත අනුව ගෙවනු ලබන 17,500ද 2005 අංක දරණ 36 අයවැය පහත දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 1000ක අයවැය සහන දීමනාවද 2016 අංක 4දරණ අයවැය සහන දීමනා පනත යටතේ ගෙවනු ලබන රුපියල් 2500ක අයවැය සහන දීමනාවද යන තුනෙහි එකතුවක් ලෙසයි.
