සිරි දළදා වන්දනාව හෙට (18) ආරම්භ කෙරෙනවා. ඒ සඳහා මහනුවර විශේෂ රථවාහන සැලසුමක්ද ක්‍රියාත්මක වෙන බව පොලිසිය ප්‍රකාශ කරයි. මෙම වන්දනාව ලබන 27 දක්වා පැවැත්වේ.
මේ සඳහා පොලිසි නිලධාරින් දසදහසක් යොදා තිබේ. මේ වන්දනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්.සිරි දළදා වන්දනාව ඇරඹෙන පළමු දිනයේ එනම්, (18) සිකුරාදා පස්වරු 3 සිට 5:30 දක්වා සැදැහැවතුන්ට දළදා වහන්සේ වන්දනා කිරීමේ භාග්‍ය උදා වෙයි. අනතුරුව අප්‍රේල් 19 වැනිදා සිට අප්‍රේල් 27 වැනිදා දක්වා සෑම දිනකම මධ්‍යාහ්න 12 සිට පස්වරු 5:30 දක්වා කාලයේ සිරි දළදා වන්දනාව ක්‍රියාත්මකය.