කොළඹ වරාය නැඟෙනහිර ජැටිය පිළිබඳ මතුවි තිබෙන අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ වරාය වෘත්තීය සමිති සකස් කර තිබෙන සංදේශය පසුගිය දා (28) මහා සංඝ රත්නය වෙත පිළිගැන්වූහ. මේ සම්බන්ධයෙන් මහා සංඝරත්නය දැනුවත් කිරීම සඳහා වරාය වෘත්තීය සමිති නායකයින් ඊයේ මහනුවර මල්වතු හා අස්ගිරි මහා නාහිමියන් වෙත නැඟෙනහිර ජැටිය පිළිබඳ ඒකාබද්ධ වෘත්තීය සමිති සකස් කළ යෝජනා,ඉල්ලීම් හා අදහස් ඇතුළත් සංදේශය පිළිගැන්වීම එහිදි සිදුවූහ. නැඟෙනහිර ජැටියේ 49%ක කොටස් ඉන්දියාවේ අදානි සමාගම වෙත ලබාදීමට රජය ගෙන ඇති තීරණයට එරෙහිව ඒකාබද්ධ වෘත්තීය සමිති අද (29) දහවල් 12.00 සිට බරපතල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව එහිදි වානිජ කර්මාන්ත සේවා හා ප්‍රගතිශීලි සේවක සංගමයේ වරාය ශාඛාවේ ලේකම් ශ්‍යාමෙල් සුමනරත්න මහතා පැවසුවේය. මෙය බොහෝවිට අකුර වැඩකිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වෙන්න පුළුවන් මුල් පියවර ලෙස. ඒ සඳහා විශාල වෘත්තීය සමිති ප්‍රමාණයක් තමන්ගේ මෙම වෘත්තීය අරගලයට සහයෝගය ලබාදෙන බවද කීය. අපි මොන අරගලය කරගෙන හරි මේ සිදුකරන්නේ අනාගත පරම්පරාවට මෙම ජාතික වස්තුව හිමි කර දෙන්න බවද ලේකම්වරයා කීවේය. රටට ආදරය කරන ජනාධිපතිගෙන් අපි ඉල්ලනවා මෙම ජැටිය රජයේ ව්‍යවසායකත්වයෙන් කරන්න අපිට ශක්තිය තිබෙන බැවින් ඒ නිසා මේක ජාතියට අහිමි කරන්න ඔබ ඉදිරිපත් වෙන්න එපා කියා ඉල්ලනවා. සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකාන මෙහිදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේද කීය.......වරායේ නැඟෙනහිර ජැටියේ සංවර්ධන කාර්යන් අපිට කරන්න පුළුවන් කියලා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් කියනවානම් ඇයි මේ විදේශ සමාගමකට ඒ කටයුත්ත භාරදෙන්නේ කියන එක ගැටලුවක්. අපි පෙන්වලා තියෙනවා 2030වනවිට මෙයින් ජාතික අර්ථිකයට මිලියන දහසක් එකතු කරන්න පුළුවන් කියලා. ඒ නිසා මේ රටට අහිමි වෙන්නේ රුපියල් නොවේ ඩොලර් බව කියන්න ඕනේ. වසර පහකට එන ආණ්ඩුවක් කොහොමද රටේ සම්පත් විදෙස් ආයතනවලට පවරන්නේ. මේක ගැන තීරණය ගන්න ජනතාවට භාර දෙනවා. මේ සම්බන්ධයෙන් ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද ඊයේ ගාල්ල නගරයෙන් විරෝධතා මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කළේය. එහිදීද වරාය නැඟෙනහිර ජැටිය අදානි සමාගමට 49%ක කොටස් ලබාදෙන්න එපා කියා දැඩි විරෝධය පාමින් වෘත්තීය සමිති නායකයින් අදහස් දැක්වු අතර රජය මීට ඇහුම්කන් නොදුන්නොත් අඛණ්ඩ වැඩවර්ජනයකට යන බව ඔවුන් කීහ.
කොළඹ වරාය අර්බුදය සංදේශය මහා සංඝ රත්නය වෙත පිළිගැන්වයි
RELATED ARTICLES