සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහරින ලද ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත මාස 6 ක...

ව්‍යාජ හිසකෙස් වර්ණක බෙදාහරින ලද ව්‍යාපාරිකයෙකුට බරපතල වැඩ සහිත මාස 6 ක සිර දඩුවම වසර 5 කට අත්හිටුවයි.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව පසුගිය අප්‍රේල් මස සිදුකරන ලද විමර්ශනයකදී ව්‍යාජ ලෙස නිෂ්පාදිත Amin’s හිසකෙස් වර්ණක ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් ගබඩාකිරීම හා බෙදාහැරීම සිදුකරන ලද වැල්ලම්පිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට සහ එම භාණ්ඩ අලෙවිය සදහා ගබඩා කරන ලද පිටකොටුව ප්‍රදේශයේ වෙළදසැලකට එරෙහිව ඊයේ (03) දින මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩු පවරන ලදී.

එහිදී, අලෙවිය සදහා ගබඩාකිරීම සිදුකරන ලද වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් අන්හල් මොහොමඩ් මිල්හාන් සහ බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි මොහොමඩ් නසීම් සම්සුඩීන් මොහොමඩ් රීනාස් යන අය වරද පිළිගැනීමෙන් පසුව චෝදනා 4 ක් සදහා රුපියල් 7,500 බැගින් රුපියල් 30,000 ක දඩ මුදල් ගරු අධිකරණය මගින් නියම කරන ලදී. තවද, අදාල නිෂ්පාදන විකිණීම සදහා බෙදාහැරීම සිදුකරන ලද කොළඹ 14 පදිංචි මොහොමඩ් නසීම් සම්සුඩීන් මොහොමඩ් රීනාස් යන ව්‍යාපාරිකයාට ඉහත දඩ මුදලට අමතරව බරපතල වැඩ සහිතව මාස 6 ක සිර දඩුවම් නියමකළ ගරු අධිකරණය එම සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලදී.

එමෙන්ම, අදාල භාණ්ඩ අලෙවිය සදහා ගබඩාකරන ලද කොළඹ 12, පෙටා එසන්ස් සප්ලයර්ස් ආයතනයද අදාල වරද පිළිගැනීමෙන් පසුව රුපියල් 7,500 ක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියමකරන ලදී.

මෙම හිසකෙස් වර්ණක වෙලදනාමය සදහා නීතිමය අයිතිය ඇති ආයතනය විසින් ග්‍රෑම් 21 බැගින් වන ඇසුරුම් ලෙස තම නිෂ්පාදන වෙළදපොලට නිකුත්කරනු ලබයි. එහෙයින් තරගවිරෝධී ලෙස සහ පාරිභෝගිකයා නොමග යවමින් සත්‍ය නිෂ්පාදකයාගේ තොරතුරුද සහිතව ව්‍යාජ නිෂ්පාදකයා විසින් වෙළදපොලට නිකුත්කර තිබෙන ග්‍රෑම් 10 බැගින් වන ඇසුරුම් වෙලදපොලේ අලෙවිකිරීමට තිබේනම් ඒවා ඉවත්කරගන්නා ලෙස ව්‍යාපාරිකයන් දැනුවත් කරන අතර එවැනි ව්‍යාජ නිෂ්පාදන මිලදීගැනීමෙන් වලකින ලෙසද පාරිභෝගිකයන් මෙයින් දැනුවත් කරනු ලැබේ. එමෙන්ම තවදුරටත් එවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවිකරණ වෙළදුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments