HomeTOPපාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදු කිරීම.

පාසල් පරිශ්‍රවල ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග නිවාරණය සඳහා කටයුතු සිදු කිරීම.

මෝසම් වැසි සමය එළඹීමත් සමඟ දිවයින පුරා ඩෙංගු රෝගය සහ විකුන්ගුන්යා රෝග පැතිර යාමේ දැඩි අවදානමක් පවතින බවත්, 2025 මැයි 31 වැනි දින දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වූ ඩෙංගු රෝගීන් අතරින් ඉහළ ප්‍රතිශතයක් වයස අවුරුදු 5 ත් 19 ත් අතර පාසල් වයසේ පසු වන දරුවන් බවත් සෞඛ්‍ය අංශ මගින් දැනුවත් කර ඇත.

එබැවින් පාසල් ආශ්‍රිත පරිසරය මදුරුවන්ගෙන් තොර ව ආරක්ෂිත ව පවත්වාගෙන යාම සඳහා මීට පෙර නිකුත් කර ඇති 2010/22 හා 30/2017 චක්‍රලේඛ හා උපදෙස් ලිපි වලට අමතර ව ගතයුතු ක්‍රියාමාර්ග හා උපදෙස් නිකුත් කර ඇති අතර සිසු දරුවන් හා අධ්‍යයන / අනධ්‍යයන කාර්ය මණ්ඩලවල සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම උපදෙස් පිළිපදින ලෙස සියලු පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු නිලධාරීන් දැනුම්වත් කර ඇත.

ඒ අනුව සියලුම රජයේ හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල විදුහල්පතිවරුන්, පිරිවෙන්වල පරිවේනාධිපතිවරුන්, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සහ පළාතේ අනෙකුත් අධ්‍යාපන මධ්‍යස්ථාන හා කාර්යාල ප්‍රධානීන් මෙයින් දැනුම්වත් කෙරේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments