28.8 C
Sri Lanka
Friday, June 20, 2025
HomeTOPප්‍රමිතියෙන් තොරව හොරට හැදු දළ වටිනාකම ලක්ෂ 1000 කට වැඩි වානේ දඬු...

ප්‍රමිතියෙන් තොරව හොරට හැදු දළ වටිනාකම ලක්ෂ 1000 කට වැඩි වානේ දඬු ටොන් 400ක් පාරිභෝගික අධිකාරිය දැලේ…

කොන්ක්‍රීට් වැර ගැන්වීම සදහා භාවිත කරනු ලබන නාරටි වානේ, සරල වානේ ඇතුළු වානේ දඩු සහ කම්බි සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය අනිවාර්ය කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් 2008 ජනවාරි 25 දින සිට ක්‍රියාත්මක වන පරිදි ගැසට් පත්‍රයක් නිකුත්කර ඇත. එම ගැසට් නිවේදනයන්ට අනුකූල නොවන ආකාරයට වානේ දඩු සහ කම්බි නිෂ්පාදනය, ගබඩාකිරීම සහ අලෙවිකිරීම සිදුකල ව්‍යාපාර සහ පුද්ගලයන්ට එරෙහිව අධිකාරිය මගින් අවස්ථා ගණනාවකදීම වැටලීම් සහ නඩු පැවරීම් සිදුකර ඇත. එමෙන්ම එම ගැසට් නිවේදනවල සදහන් ප්‍රමිතියට අනුකූල නොවන භාණ්ඩ අධිකාරිය භාරයට ගනු ලබන අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත අනුව එම තොග රාජසන්තක කිරීමටද කටයුතු කර ඇත.

පසුගිය දිනවල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ තරගකාරිත්ව ප්‍රවර්ධන අංශයේ නිලධාරීන් විසින් දින ගණනාවක් තිස්සේ සිදුකරන ලද විමර්ශනවලදී රාත්‍රී කාලයෙහි වානේ දඩු නිෂ්පාදනය කරනු ලබන කහතුඩුව ප්‍රදේශයේ ආයතනයක් එම තොග රාත්‍රී කාලයේම මීගමුව ප්‍රදේශයේ ගබඩාවකට ප්‍රවාහනය කරනු ලබන බව අනාවරණය කරගන්නා ලදී.

ඒ අනුව විමර්ශන නිලධාරීන් විසින් අදාල නිෂ්පාදන ආයතනයෙන් රාත්‍රී කාලයෙහි භාණ්ඩ ප්‍රවාහනය කරනු ලැබූ ලොරි රථයක් හබායමින් අදාල ගබඩාව පසුගිය 06 වන දින වැටලීමට කටයුතු කරන ලදි. එහිදී එම ස්ථානයෙහි ගබඩාකර තිබූ දළ වශයෙන් ටොන් 400 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති වානේ තොගයක් පවතින බවට පසුව අනාවරණය කරගත් අතර අදාල තොගයේ වෙළදපොල වටිනාකම රුපියල් මිලියන 100 කට වැඩි බවද දැනට සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව අදාල වැටලීම සම්බන්ධව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට බී වාර්තාවක් මගින් කරුණු වාර්තාකර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතුවලින් පසු නඩු පැවරීමට නියමිත අතර සාධාරණ තරඟය විකෘති කරමින් කටයුතු කරන මෙවැනි ව්‍යාපාරිකයින් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නීතිය තදින්ම ක්‍රියාත්මක කරනු ලැබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments