සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශන අවසන්වන තුරු ලබන 16 වැනිදා...

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පිළිබඳ විමර්ශන අවසන්වන තුරු ලබන 16 වැනිදා සිට  පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට තීරණය කෙරිණි

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂණ කමිටුව ඉදිරියේ සාක්ෂිකරුවන් සිවුදෙනෙක් සාක්ෂි ලබා දෙති

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුවේදී ඊයේ (11) සාක්ෂිකරුවන් සිවුදෙනෙකු විසින් සාක්ෂි ලබාදීම සිදුවිය.

මෙම කමිටුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී පෙ. ව 9.30 සිට ප.ව 8.00 දක්වා මෙසේ සාක්ෂි ලබා ගැනීම සිදුවිය.

මෙහිදී පරීක්ෂණ කමිටුව විසින් ද නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් ද වගඋත්තරකාර පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ආර්.එස්. වීරවික්‍රම මහතා ද සාක්ෂි කරුවන‍්ගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදුකරන ලදී.

එසේම  .විමර්ශනය අවසන්වන තුරු ලබන 16 වැනිදා සිට  පරීක්ෂණ කමිටුව දිනපතා රැස්වීමට  ද මෙහිදී තීරණය කෙරිණි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments