වෙළදපොලේ සාධාරණ තරඟයක් තුළ ගුණත්වයෙන් යුත් නිෂ්පාදන පාරිභෝගිකයා වෙත ලබා දී පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙන පාරිභෝගික කටයුතු පිළිබඳඅධිකාරිය වෙත විවිධ පාර්ශව මගින් සිදු කරන ලද දැනුම් දීම් සහ වෙළඳපොළේ පවතින සබන් වර්ගයන්හි ලේබලයේ සඳහන් කර ඇති තොරතුරු පාරිභෝගිකයන් නොමඟ යවන ආකාරයෙන් සඳහන් කර තිබීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කෙරෙහි අධිකාරිය අවධානය යොමු කර ඇත.
ඒ වෙනුවෙන් මුලික සාකච්ඡාවක් ඉකුත්(11) අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත් වූ අතර එහිදී සබන්වල ගුණත්වය ඉහළ නැංවීම , පාරිභෝගිකයා නොමඟ යන ලෙස ලේබලයේ තොරතුරු ඇතුළත් නොකිරීම සහ ළදරු සබන් ප්‍රමුඛ අනිකුත් සබන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය අනිවාර්යය කිරීම යනාදී කරුණු රැසක් සාකච්ඡාවට ලක් කරන ලදී.
පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය , ඖෂධ නියාමන අධිකාරිය , ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ වෙළඳපොලේ ප්‍රසිද්ධ සබන් නිෂ්පාදකයන්ද සහභාගි විය.
