24.5 C
Sri Lanka
Friday, June 20, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීනි උලුවඩුගේ සඳමාලි මහත්මියට පහරදීම තරයේ හෙළා දකිමු-පැෆරල්

කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රීනි උලුවඩුගේ සඳමාලි මහත්මියට පහරදීම තරයේ හෙළා දකිමු-පැෆරල්

2025.06.16 වන දින රාත්‍රි කාලයේ සිය කාර්යාලය අසල රැඳී සිටියදී යම් පිරිසක් විසින් කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීනි උලුවඩුගේ සඳමාලි මහත්මියට පහරදීම පැෆ්රල්  සංවිධානය තරයේ හෙළාදකී.                  
ඕනෑම පුද්ගලයෙකුට තමන් අභිමත දේශපාලන මතයක් දැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සඳහන් කර ඇති අනුලංඝනීය අයිතියට එරෙහිව කටයුතු කිරීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක්  නොමැති බව අවධාරණය කරන අප මෙම ම්ලේච්ඡ පහරදීමට සම්බන්ධ වු පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල යුතු බව අප අවධාරණය කරමු.              

කාන්තාවන් නිරුවත් කර මහමග ඇවිද්ද වූ අපකීර්තිමත් වයඹ පළාත් සභා මැතිවරණය වැනි යුගයන්ට සමුදී  ආසන්න කාලසීමාව තුළ අප අත්දුටු මැතිවරණ සංස්කෘතියේ සාධනීය වෙනස විසංවාදී මතවාදයන්ටද ගරු කරමින් ඉදිරියට පවත්වාගෙන යාම දේශපාලන පක්ෂවල මෙන්ම පුරවැසියන්ගේද අත්හල නොහැකි වගකීමක් බවට විවාදයක් නැත. විශේෂයෙන්ම  මහජන නියෝජිත  ආයතනවල කාන්තා නියෝජනය ප්‍රවර්ධනය කිරීමේ  අරමුණින් යුතුව විවිධ නෛතික ප්‍රතිපාදන ක්‍රියාවට නැංවෙන මොහොතක මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් නිර්මාණය වීම යහපත් ප්‍රවණතාවයක්  නොවන බව අපගේ විශ්වාසයයි.

අවසන් වශයෙන් මෙම පහරදීමට සම්බන්ධ  සියලුදෙනා තරාතිරම නොබලා අත්අඩංගුවට  ගෙන  නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් නැවත මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන් ඇති නොවීමට අවැසි කඩිනම් පියවර ගන්නා ලෙසත්  වත්මන් රජයෙන් මෙන්ම නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතනවලින් අප ඉල්ලා සිටිමු.    

රෝහණ හෙට්ටිආරච්චි,                          
විධායක අධ්‍යක්ෂ

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments