.2022 වර්ෂයේ ලැබුණු පැමිණිලි මත වෙළෙදපොලේ අලෙවිකිරීමට තිබු දුඹුරු සීනි සදහා වර්ණක යොදා තිබේද යන්න පරික්ෂාකිරීමට පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සීදුව ප්‍රදේශයේ සුපිරි වෙළෙදසැලකින් සාම්පල ලබාගෙන පරීක්ෂණාගාර වෙත යොමු කිරීමට කටයුතුකරන ලදී.
එහිදී, එම සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිතියට අනුකුල නොවන බවට ලැබුණු පරීක්ෂණාගාර වාර්තා අනුව තහවුරු වීමත් සමග එම දුඹුරු සීනි විකිණීම සදහා ප්‍රදර්ශනයකිරීම සහ ඉදිරිපත්කිරීම යන චෝදනා දෙකක් යටතේ 2023 වර්ෂයේදී මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන ලදී. ඒ අනුව ඊයේ (19) දින එම වැරදි සදහා වරද පිළිගත් අදාල ආයතනයට රු. 400,000.00 ක දඩ මුදලක් ගරු අධිකරණය මගින් නියම කර ඇත.
තවද, කල් ඉකුත්වූ භාණ්ඩ අලෙවිකළ දෙමටගොඩ සහ මට්ටක්කුලිය ප්‍රදේශවල සුපිරි වෙළෙදසැල් ශාඛා තුනකටද පසුගිය (18 ) දින රුපියල් ලක්ෂ දෙක බැගින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් දඩ නියමකල අතර පසුගිය මාස දෙකක කාලය තුල පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් සුපිරි වෙළෙදසැල් 187 කට වැඩි ප්‍රමාණයක වැටලීම් සිදුකර ඇත.