ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 මැයි මාසය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය (ජා.පා.මි.ද.) සහ මාසික පාරිභෝගික උද්ධමනය ප්‍රකාශයට පත් කරයි.
ඒ අනුව 2025 අප්‍රේල් මාසයේ දී -0.8% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2025 මැයි මාසය සඳහා 0.6% ක් දක්වා වැඩි වී ඇත. 2025 අප්‍රේල් මාසයේ දී 2.9 % ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී 5.9% ක් දක්වා වැඩි වී ඇත. එමෙන්ම, 2025 අප්‍රේල් මාසයේ දී -3.7 % ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2025 මැයි මාසයේ දී -3.4% ක් දක්වා වැඩි වී ඇත.