26.2 C
Sri Lanka
Thursday, June 26, 2025
Homeකලා පුවත්මෝහන් හා බිමල් හමුවක්...

මෝහන් හා බිමල් හමුවක්…

මෝහන් ලාල් – බිමල් ජයකොඩි අනපේක්ෂිත හමුවීමක !

දෙරටක සිනමාවේ ප්‍රවීණයන් දෙදෙනෙකුගේ අහඹු හමුවීමක් පසුගියදා සිදුවිය . ඒ , දමිළ සිනමාවේ සුපිරි තරුවක් වූ මෝහන් ලාල් , ඔහුගේ නවතම සිනමා නිර්මාණය වූ ” ප්‍රේට්‍රියට්” හී රූගත කිරීම් වෙනුවෙන් මෙරටට පැමිණ සිටියදීයි. ඒ වන විට ” ධර්මයුද්ධය 2 ” චිත්‍රපටයේ රූ ගත කිරීම් සිදුවෙමින් පැවතිණ . ” Drishyam ” මලයාලම් සිනමා පටයේ ප්‍රධාන රංගන ශිල්පියා වූ මෝහන් ලාල් නිරූපණය කල චරිතයම , ශ්‍රී ලාංකීය රසිකයන් වෙනුවෙන් නැවත පණපොවමින් සිටි මොහොතක , ඔහුගේ හමුවීමත් , සුබ පැතීමත් අපගේ ආදරණීය රංගන ශිල්පි බිමල් ජයකොඩිට විශාල ශක්තියක්ම විය. ” ධර්මයුද්ධය 2 ” සමස්ථ ශ්‍රී ලාංකීය කන්ඩායමටම සුබ පැතීමටත් අමතක නොකල ඔහු , ඔහුගේ සිනමා ප්‍රේක්ෂකයයින් වෙනුවෙන් නැවුම් බලාපොරොත්තුවක් එක් කරමින් පවසා සිටියේ , ” Drishyam 3″ සිනමා පටයේ සියළු වැඩ කටයුතු මේ වසර අග වන විට අවසන් කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි.

ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments