23.1 C
Sri Lanka
Tuesday, August 12, 2025
HomeUncategorizedපෙර පාසැල් ළමයි ටීචර් කියන විදියට වැඩ කරනවා වගේ ආණ්ඩුව...

පෙර පාසැල් ළමයි ටීචර් කියන විදියට වැඩ කරනවා වගේ ආණ්ඩුව අයි.එම්.එෆ්.ටීචර්ට යටවෙලා -ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදය

කොළඹ වික්‍රම

ආණ්ඩුවේ ගුරුවරයා අයි.එම්.එෆ්.වෙලා රටේ කර්මාන්ත නැංවීමට ව්‍යාපාර ඉදිරියට ගෙනයන්න කිසිදු ක්‍රමවේදයක් නැතැයි ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ කමිටු සාමාජික තුමිලන් සිවරාජන් මහතා පවසයි.

ඒ් මහතා මේ බව සඳහන් කළේ ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. රටේ හොරු අල්ලන්න, බදු අය කරන්න වැඩපිළිවෙලක් අවශ්‍ය වන අතර දේශීය ව්‍යාපාරිකයා ආරක්ෂා කරගෙන කර්මාන්ත ඉදිරියට ගෙන යන්න ක්‍රමවේදයක් සකසා ගත යුතුයි. නැතුව සියල්ලම අයි.එම්.එෆ්. කිව්වා කිය කියා කෑගැසුවාට පලක් නෑ. මහා බැංකුවත් අයි.එම්.එෆ්. නූූලේ නැටවන ආයතනයක් වෙලා රටේ ව්‍යාපාරිකයින් දියුණුවට කර්මාන්ත ඉදිරියට ගන්න වැඩපිළිවෙලක් නෑ. අය කරන මේ බදු බර ව්‍යාපාරිකයින්ට දරන්න බෑ.. මත්ද්‍රව්‍ය ජාවාරමුන් වෙන්න ඔ්නේ මේ බදු ගෙවන්න.

ටානියා එස් අබේසේකර (සභාපති) අද අපි අනාත දරුවෝ වෙලා දෙමව්පියෝ නැති රජයක් තියෙනවා ඇමතිවරු ඉන්නවා ඒත් ව්‍යාපාරිකයෝ අනාතයි අපිට ඉවසන්න කිව්වට වැඩක් නැ අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි

අපි බදූ ගෙවන ව්‍යාපාරිකයන් ඔබ තුමාලා පත් කරගත්තේ බලාපොරොත්තු සහිතව අපි විශ්වාස කරපු අය මේ විදියට නිහඬව සීටිමෙන් කුමක්ද වෙන්නේ

ව්‍යාපාර නැති උනොත් රැකියා නැති වෙනවා නැවත අපිට අත් වෙන්නේ පරණ ඉරණමද අපි අපහසු තාවයට පත් වෙලා .අපිට රජය අපහසු තාවයට පත් කරන්න කැමති නැ අපි රජයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැ ව්‍යාපාර කරගෙන යන්න ක්‍රමවේදය සකස් කරන්න

මහින්ද ජයසේකර (ලේකම්)

සුළු හා මද්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් අමාරුවෙන් කරගෙන යන්නේ පිරිවැය වැඩි වෙලා වියාපාර කඩා වැටෙමින් තියෙන්නේ නැවත පරාටේ නිතිය ගේන්න එපා එයට පෙර වියාපාර නගා සිටවන්න වැඩපිළිවෙලක් සකස් කරන්න

රජය කිසිම ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරලා නැ ආර්ථික වර්දනය ඇති කරගන්නේ කොහොමද කියලා නැ වියාපාර වැටුනොත් දේශීය ආයෝජකයන් අහිමි වෙනවා විදේශීය ආයෝජන එන්නේ නැ තරුණ වියාපාරිකයන් රට හැර යනවා

ආර්ථිකය මෙහෙය වන්න කවුරුත් නැ ආර්ථිකය මෙහෙය වැන්නේ නැතුව මේ රට ඉදිරියට යන්න බැ නව ආර්ථික ප්‍රතිපත්ති අවශ්‍යයි එසේ නැතුව ආර්ථික වර්දන වේගය ඇති වෙන්නේ නැ

සියට තුනකින් ආර්ථිකය ඉහලට නංවලා වැඩක් නැ IMF එකට එහා ගිය වැඩපිළිවෙලක් අවශ්‍යයි

මැතිවරණයට පෙර නම් දේශීය නිෂ්පාදන වැඩි කරලා අලුත් ආර්ථික ප්‍රතිපත්තියක් ගේනවා කිව්වා විද්‍යාත්මක වැඩපිළිවෙලක් තියෙනවා කිව්වා සැකයක් තියාගන්න එපා කිව්වා. දැන් කිසිවක් නෑ. සියල්ල අයි.එම්.එෆ්.වෙලා.

මාධ්‍ය හරහා අපිට සහ රජයට අවස්ථාවක් දෙන්න මොකද වෙලා තියෙන්නේ කියලා සාකච්ඡාවක් හෝ විවාදයක් දෙන්න කියලා රජයේ වැඩපිළිවෙල සහ මේ වන විට අපිට ඇති වී ඇති තත්වයන් පිළිබද සාකච්ඡා කරන්න

කිසිම රජයකට ජාතික ප්‍රතිපත්තියක් ඇති කරලා දෙන්න බැරි උනා කර්මාන්ත වෙනුවෙන් අපි සාකච්ඡා ගණනාවක් ඉල්ලා තිබුණා නමුත් ලැබිල නැ

ලුණු නැතිවෙලා තියෙනවා වැස්ස නිසා වෙලා තියන්නේ කියලා ඉදලා වැඩක් නැ ලුණු අතිරික්‌තයක් තියෙන රටක් කල් තියාගන්න කර්මාන්ත හදලා කර්මාන්ත ප්‍රතිපත්තියක් තිබ්බනම් අවුරුද්දම වැස්සත් කමක නැ

රෙදි පිලි කර්මාන්ත කරුවට වෙන්නේ ලුණු වලට වෙච්ච දේ වෙනවා රෙදි එන එක නවතිනවා ඇගලුම් කර්මාන්තය වැහිලා යනවා

සේවකයන් ඉන්න කර්මාන්ත වැහෙනවා ජනාධිපති අපි සමග සමීපව කටයුතු කරා නමුත් කර්මාන්ත කරුවන් අද කොහෙටද යන්නේ කියලා හිතාගන්න බැ

රෙදිපිලි රජයේ ආයතන වලට අවශ්‍යයි නමුත් විදේශ රටවලින් නොමිලේ ලැබෙනවා කියලා බලන් ඉන්නවා කර්මාන්ත කරුවන් ආරක්ෂා කරන්න එසේ නැති උනොත් කර්මාන්ත තුලින් යැපෙන අයට කන්න බොන්නවත් නැති වෙයි

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments