28.9 C
Sri Lanka
Thursday, August 21, 2025
Homeදේශීය පුවත්කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සඟවා තිබී රුපියල් මිලියන 60 කට අධික මත්ද්‍රව්‍ය...

කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සඟවා තිබී රුපියල් මිලියන 60 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් රේගු අත්අඩංගුවට…

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය කුරියර් පාර්සල්වල සූක්ෂම ලෙස සගවා තිබී රුපියල් මිලියන 60 කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගන්නා ලදී. ජාත්‍යන්තර අධිවේගී කුරියර් සේවාව හරහා මෙරටට ඒවා ඇති කොකේන්, කුෂ් සහ කැනබිස් තෙල් යන මත්ද්‍රව්‍ය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකය 2024 ජනවාරි 1 සිට ඉකුත් ජුනිමස දක්වා කාලය තුළ කොළඹ කාගෝ එක්ස්ප්‍රස් වෙත ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව සහ මැලේසියාව යන රටවලින් ලැබුණු මත්ද්‍රව්‍ය බවට සැක සහිත අධිවේගී කුරියර් පාර්සල් ගණනාවක් විශ්ලේෂණය කර රදවා තබා ගෙන ඇති අතර එම පාර්සල් සඳහා දීර්ඝ කාලයක් තිස්සේ හිමිකම් කියා පෑමක් නොමැති නිසා තවදුරටත් පරීක්ෂා කිරීමට සිදුවිය. ඉකුත් (25) ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයට අනුයුක්ත රේගු නිලධාරීන්, පාර්සල් විවෘත කර පරීක්ෂා කරන ලදී. මෙම පරීක්ෂා කිරීමේදී එම පාර්සල් තුළ සුක්ෂම ලෙස සඟවා තිබූ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. ආසන්න වශයෙන් කොකේන් ග්‍රෑම් 1,101 ක්, කුෂ් ග්‍රෑම් 1,666 ක් සහ කංසා තෙල් කුප්පි හතරක් ද ඒ අතර විය. අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍යවල මුළු වීදි වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 60 කි. අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට නිල වශයෙන් භාර දෙන ලදී.

මෙම සාර්ථක අනාවරණය මගින් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ නොසැලෙන සුපරීක්ෂාකාරිත්වය සහ කැපවීම අවධාරණය කෙරේ. මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් පෙන්නුම් කරන ලද ක්‍රියාශීලී උත්සාහයන් සහ කැපවීම බෙහෙවින් ප්‍රශංසනීය වන අතර ජාතික ආරක්ෂාව සහ මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා ආයතනයේ තීරණාත්මක කාර්යභාරය පිළිබිඹු කරයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments