Home දේශීය පුවත් රටේ ආර්ථිකය ස්ථාවර භාවය සඳහා මේ ගමන ඉතාම වැදගත්-ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

රටේ ආර්ථිකය ස්ථාවර භාවය සඳහා මේ ගමන ඉතාම වැදගත්-ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු

0
6

කොළඹ වික්‍රම

අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ හතරවන වාරිකය අපට ලැබිලා තියෙනවා දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 350 ක් සමස්තයක් වශයෙන් අපිට ලැබිල තියෙන මුලු මුදල ඩොලර් බිලියන 1.74 ආසන්නය

ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය..එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රනාන්දු මහතා

දැන් ඇත්තටම අපි වැඩසටහනේ මැදට ඇවිල්ල තියෙන්නේ මේක වසර හතරක වැඩසටහනක් 2022 පටන් ගත්තට පස්සේ කිසියම් දුරක් මේ වැඩසටහනේ ඇවිල්ලා තියෙනවා මේ ලැබිච්ච හතරවන වාරිකය ඉතාම වැදගත් තවදුරටත් ආයෝජකයන්ට විශ්වාසය ලබා දෙනවා තවදුරටත් ආර්ථික ප්‍රතිසංස්කරණ කටයුත්තක වෙමින් පවතිනවා ආර්ථිකය ස්ථාවර භාවය සඳහා මේ ගමන ඉතාම වැදගත් යම්කිසි ප්‍රමාදයක් සිදුවුණා අපගේ විදුලි බිල පිරිවැයට අනුරූපිතව සකස් කරන්න ඕනේ කියන එක ප්‍රධාන අවශ්‍යතාවයක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගමන ඉස්සරහට යන්න එය අනුව තමයි පසුගිය ජූනි මාසයේ මුල් මාසේ විදුලිබිලේ වෙනසක් සිදු වුණේ පිරිවැයට අනුරූපිත වෙන ආකාරයට විදුලි ජනනය වෙන්න යන මිල අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන්ගෙන් අය කළ ගත යුතුයි පාඩුවක් ලබන්න බැහැ කියන මතය ඉඳලා තමයි මේ වැඩසටහන සකස් කරලා තියෙන්නේ ඉස්සරහට තවත් වාරික කීපයක් ලබාගැනීමට නියමිතයි ඒ සඳහා විශේෂයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් සමග එකඟතාවයෙන් ඉස්සරහට යාම ඉතාමත් වැදගත් නමුත් මෙහි වැදගත්ම තත්ත්වය වෙන්නේ අන්තර්ජාතික මූල්‍යය අරමුදලේ එකඟතාවයත්් එක්ක යාමෙන් අපිට මූලික වශයෙන් වෙන්නේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම පමණයි අපට අවශ්‍ය වෙන්නේ ආර්ථිකය වර්ධනය කර ගැනීම ආර්ථික වර්ධනය සඳහා මූල්‍ය අරමුදලේ ඒ එකඟතාවයෙන් ඔබ්බට ගිහිල්ලා ඒ කියන්නේ ඒක කඩ කරන්න නෙවෙයි අන්තර්ජාතික අරමුදලේ තියෙන මූලික අවම මට්ටම පමණයි සඳහන් කරලා තියෙන්නේ ඉන් ඔබ්බට ගිහිල්ලා ආර්ථික ප්‍රතිසංස්කරණ කර ගැනීම ඉතා වැදගත්.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here