26.5 C
Sri Lanka
Thursday, July 3, 2025
Homeදේශීය පුවත්සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපතිවරයා දූෂණයට එරෙහිව ක්‍රියාකරන සාමාජිකයින් ඉන්...

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපතිවරයා දූෂණයට එරෙහිව ක්‍රියාකරන සාමාජිකයින් ඉන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක..

දූෂිතයින් එළවන්න එම සම්මේලනයේ කාන්තාවන් පෙරමුණ ගනී. එම සම්මේලනය ඉදිරිපිට ඉකුත්(02) පැවැති විරෝධයක්.

සභාපතිගේ හා ඔහුට හිතවත් අයගේ අනීතික ක්‍රියා නිසා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කටයුතු පරිහාණියට යමින් තිබේ.

සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ වත්මන් සභාපතිවරයා සහ ඇතැම් සාමාජිකයන්ගේ අත්තනෝමතික ක්‍රියා නිසා එම සම්මේලනය ඉතා පරිහානියට පත් වෙමින් පවතී.
පසුගිය වසරේ(2024)දී පැවැත්වීමට තිබූ නිලවරණය නොපවත්වා තමාට හිතවත් පිරිසක් ලවා නිලවරණයට එරෙහිව උසාවියෙන් වාරණ නියෝගයක් ලබා ගැනීමෙන් සභාපතිවරයා දිගින් දිගටම බලයේ රැඳී සිටීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇත.
සභාපතිවරයාට මෙලෙස දිගින් දිගටම බලයේ සිටීමට නිලවරණයෙන් පැරදී අනීතිකව පස්සේ දොරෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලට පත් වූ කිහිප දෙනෙක් උපකාර කරන අතර මීට එරෙහිව කතා කරන සාමාජිකයන් තම බලය යොදා අක්‍රිය කිරීමට සභාපතිවරයා ක්‍රියා කරගෙන යයි.
මීට ආසන්නම සිදුවීම වන්නේ සම්මේලනයේ දීර්ඝ කාලීනව කටයුතු කළ උප සභාපතිනියක් වූ වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මියට අභූත චෝදනා නගමින් අනීතික ලෙස ඇයගේ සාමාජිකත්වය අත් හිටුවීමට ක්‍රියාමාර්ග ගැනීමයි.උප සභාපතිනිය රානි ප්‍රනාන්දු මහත්මිය සම්මේලනයේ සිදුවන අකටයුතුකම් පිළිබඳව නිරන්තරයෙන් කතා කරන නිසා ඇයගේ හඩ නතර කිරීමට තම හිතවත් සාමාජිකයන් සමග එක්ව සභාපතිවරයා කටයුතු කරමින් සිටී.
වෛද්‍ය රානි ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ සම්මේලනයේ වංචා දූෂණ වලට එරෙහිව හඩ නගන පිරිසට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග වලට එරෙහිව පසුගිය දා(02) විරෝදතාවයක් ද සම්මේලන මූලස්ථානය ඉදිරිපිට දී පැවැත්විණි.”බෞද්ධ කාන්තා හඩ”‘ මෙය සංවිධාන කර තිබිණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments