23.9 C
Sri Lanka
Friday, July 11, 2025
Homeදේශීය පුවත්ශ‍්‍රී ලංකා පොලීසිය හා යුධ හමුදාව එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම පිළිබඳ...

ශ‍්‍රී ලංකා පොලීසිය හා යුධ හමුදාව එක්ව සිදු කළ විශේෂ මෙහෙයුම පිළිබඳ මාධ්‍ය නිවේදනය

  2025 ජුලි මස 06 වන දින සවස ශ‍්‍රී ලංකා පොලීසිය, ශ‍්‍රී ලංකා පොලීස් විශේෂ කාර්ය බලකාය, ශ‍්‍රී ලංකා යුද හමුදාව හා ශ‍්‍රී ලංකා නාවික හමුදාව එක්ව ගල්කිස්ස, මොරටුව, වැල්ලම්පිටිය, හංවැල්ල, කෑගල්ල, සීතාවක පුර, ඇඹිලිපිටිය හා රත්නපුර ප‍්‍රදේශ ඉලක්ක කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. එහිදී නීති විරෝධී මත්ද්‍රව්‍ය සහ විවිධ නීතිවිරෝධී ක‍්‍රියාවන් හා සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. 2025 ජුලි මස 06 වන දින මෙම හදිසි විශේෂ සෝදිසි මෙහෙයුම ක‍්‍රියාත්මක වූ අතර ඉහත කී ප‍්‍රදේශ මූලික කර ගෙන රථවාහන සෝදිසි කිරීමේ විශේෂ මෙහෙයුමක්ද ක‍්‍රියාත්මක කරන ලදී.

මෙහිදී විශේෂයෙන් මෙම විශේෂ මෙහෙයුම තුළදී පමණක් මත්ද්‍රව්‍ය හා නීති විරෝධී මත්පැන් විශාල ප‍්‍රමාණයෙන් අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර එහිදී අයිස් මත්ද්‍රව්‍ය පමණක් කිලෝ එකකට (1KG) අධික ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට එකී විශේෂ එකාබද්ධ මෙහෙයුම තුළදී හැකි වීම විශේෂ කරුණක් වශයෙන් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව වැල්ලම් පිටිය ප‍්‍රදේශයේදී පමණක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 කුත් ග‍්‍රෑම් 59කුත් මිලිග‍්‍රෑම් 540ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගැනීිමට හැකී වී ඇත. ඊට අමතරව හෙරොයින් හා ගංජා අත්අඩංගුවට ගෙන ඇති අතර නීති විරෝධී මත් පැන් ලීටර් 116කට අධික ප‍්‍රමාණයකුත් ගෝඩා හා බියර් ඇතුලූ වෙනත් නීති වෙනත් නීති විරෝධි මත් පැන් ලීටර් 519කට අධික ප‍්‍රමාණයක් මෙම මෙහෙයුම් තුළදී අත්අඩංගුවට ගැනීමට සමත් ව ඇත.

  විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය හා පාතාලය මෙරටින් තුරන් කර දැමීමේ ක‍්‍රියාවලියෙහි එක් පියවරක් වශයෙන් මෙම සෝදිසි කිරීමේ මෙහෙයුම් ක‍්‍රියාත්මක කරන ලදී. ඉදිරියේදී ද මෙවැනි විශේෂ සෝදිසි කිරීම් දිවයින පුරා සිදු කිරීමට බලාපොරොත්තු වන අතර එම සෝදිසි කිරීම් සදහා මහජනතාව වශයෙන් අවශ්‍ය සහයෝගය ලබා දෙන මෙන් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය වශයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටී.
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments