සිකුරාදා, පෙබරවාරි 6, 2026
Homeදේශීය පුවත්නාවික, ගුවන් හමුදාපතිවරු අතර නිල හමුවක්

නාවික, ගුවන් හමුදාපතිවරු අතර නිල හමුවක්

වත්මන් නාවික හමුදාපති වයිස් අදිමිරාල් කාන්චන බානගොඩ 2025 ජූලි මස 09 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ශි‍්‍ර ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සමග නිල හමුවක් සිදු කෙරිණි.

එහිදී ගුවන් හමුදා කොළඹ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩෝර් බුද්ධික පියසිරි මහතා විසින් නාවික හමුදාපතිතුමන් පිළිගනු ලැබූ අතර, ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

ගුවන් හා නාවික හමුදාපතිවරුන් අතර පැවති සාකච්චාවේදී සදහන් වූ සුවිශේෂී කරුණු අතර සමුද්‍රීය ආරක්ෂණ ඒකාබද්ධ පුහුණු අභ්‍යාස සැලසුම් කිරීම හා එමගින් නාවික-ගුවන් සහයෝගීතාවය තව දුරටත් ශක්තිමත් කිරීම ඇතුළු අනොන්‍ය වශයෙන් වැදගත් වන කරුනු පිළිබඳව සාකච්චාවට බඳුන් විය.

මේම නිල හමුව සඳහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ඇතුළු ගුවන් හමුදා කලමනාකරණ අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සහභාගී විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -
Google search engine

Most Popular

Recent Comments