අපරාද, මත්ද්‍රව්‍ය, නීති විරෝධී ගිනි අවි හා සැකකටයුතු පුද්ගලයන් හා රථවාහන අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් සම්බන්ධ දෛනික මාධ්‍ය නිවේදනය
මත්ද්‍රව්‍ය හා පාතාල ක‍්‍රියාකාරකම් මර්ධනය කිරීම අරමුණු කර ගෙන මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මේ වන විට දෛනිකව ශ‍්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා ත‍්‍රිිවිධ හමුදාව එක්ව සිදු කරනු ලබන දෛනික මෙහෙයුම් මාලාවේ 2025-08-11 දින සිදු කළ මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සම්බන්දව පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇත.
2025-08-11 දිනය පුරා ශ‍්‍රී ලංකා පොලීසියේත්, පොලිස් විශේෂ කාර්ය බලකායේත් ත‍්‍රිවිධ හමුදාවේත් 6106 දෙනෙකු සම්බන්ධ වී මෙම විශේෂ සෝදිසි මෙහෙයුම් සිිදු කර ඇත. එහිදී පුද්ගලයන් 24175 දෙනෙක් පරීක්ෂාවට ලක් කෙරුණු අතර වාහන 9578ක්ද යතුරු පැදි 7630ක ප‍්‍රමාණයක්ද පරීක්ෂාවට ලක් කර ඇත.
එකී වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් පුද්ගලයන් 917 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාදවලට සෘජු ලෙස සම්බන්ධ පුද්ගලයන් 25 දෙනෙකුද වරෙන්තුකරුවන් 375 දෙනෙකුද අත්අඩංගුවට පත්ව ඇත.
එකී මෙහෙයුම් තුළදී නීති විරෝධී ගිනි අවි 03ක්ද අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව විශේෂයෙන්ම රට තුළ ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සදහාත් සංවිධානාත්මක අපරාදකරුවන්ගේ ක‍්‍රියාකලාපය මර්ධනය කිරීම සදහාත් රට තුළ සිදු වන රිය අනතුරු අවම කිරීම සදහාත් මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අධීක්ෂණය මත ශ‍්‍රී ලංකා පොලීසියේත් ත‍්‍රිවිධ හමුදාවේත් සහභාගීත්වයෙන් මෙහෙයුම් අඛණ්ඩව විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් ඇත.