21.9 C
Sri Lanka
Tuesday, August 26, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්අද යුක්තිය හා සාධාරණත්වය ජයගත් දවසක් ලෙස ඉතිහාස ගත වෙනවා - විපක්ෂ...

අද යුක්තිය හා සාධාරණත්වය ජයගත් දවසක් ලෙස ඉතිහාස ගත වෙනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

අද දවස ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ සහ ව්‍යවස්ථා ඉතිහාසයේ ඓතිහාසික දවසක් බවත් රටේ ස්වාධීන අධිකරණය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලි, නීතියේ ආධිපත්‍යය අපක්ෂපාතීව විනිවිදභාවයෙන් යුක්තව සර්ව ⁣සාධාරණව ක්‍රියාත්මක වූ බවත් මේ අවස්ථාවේ අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්න පෙර තීන්දු ගැන විවිධ අනාවැකි පළ කර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නීතියෙ ආධිපත්‍යය අභියෝගයට ලක් කරන්න විවිධ පාර්ශ්ව කටයුතු කළත් ස්වාධීන අපක්ෂපාතී අධිකරණය හමුවේ යුක්තිය සාධාරණත්වය ඉටු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උසාවියෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මේ අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥයන් එතුමාගේ නිදහස වෙනුවෙන් එකතු වූ සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ඇතුළු විපක්ෂ දේශපාලන පක්ෂවල සාමාජිකයන්ට සිය ස්තූතිය පුද කරන බවත් තර්ජනයට බිය නොවී බලපෑම්වලට ආපස්සට නො⁣යන ලෙස ඉල්ලා සිටින බවත් උත්තරීතර නීතිය තුළින් මේවා යටපත් වන බවත් තමන් සිතන පතන ආකාරයට නිදහස්ව නිවහල්ව නීතිය තුළ ප්‍රතිපත්ති දේශපාලන පක්ෂ ආගම් සංස්කෘතිීන් ක්‍රියාත්මක කළ හැකි බවත් කාටවත් මේවා උදුරා ගත නොහැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අද ප්‍රජාතන්ත්‍රවාදය ජය ගත් බවත් මානව හා මූලික අයිතිය ජය ගත් බවත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පුද කර සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව සිටින්නේ මිනිස් ජීවිත රැක ගන්න බැවින් මේ මිනිමරු සංස්කෘතිය ද මුලින් උපුටු දමන්න කටයුතු කළ යුතු බවත් එය රජය සතු වගකීම බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments