ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු සඳහා පැන වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීම පිළිබඳ පැහැදිළි කිරීම.
2025 අගෝස්තු මස 26 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් සහ බොම්බයි ලූනු මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රජය විසින් සංශෝධනය කරන ලදි.
ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් 1ක් සඳහා පනවා තිබූ රුපියල් 60ක බද්ද රුපියල් 80 දක්වා රුපියල් 20කින් ද, ආනයනික බොම්බයි ලූනු කිලෝ ග්‍රෑම් 1ක් සඳහා පනවා තිබූ රුපියල් 10ක බද්ද රුපියල් 50 දක්වා රුපියල් 40කින් ද ඉහළ දමන ලදි.
ඒ අනුව සංශෝධිත මෙම බද්ද පිළිබඳව සහ වෙළෙඳ අමාත්‍යවරයා ඉලක්ක කර ගනිමින් ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ සහ විවිධ මාධ්‍යයන් ඔස්සේ ව්‍යාජ ලෙස, සත්‍ය වසන් කරමින් ජනතාව නොමඟ යවන්නා වූ ප්‍රකාශ සහ වැඩසටහන් ප්‍රචාරය වන අතර එම විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවිම පිළිබඳව සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා වෙත එල්ල කරන එම පදනම් විරහිත චෝදනා පිළිබඳව අමාත්‍යවරයා විසින් අද (28) දින පැහැදිළි කිරීමක් සිදු කරන ලදි.