ඒ්කාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර …තැපෑලේ තිබුණු ගැටලු 19ක් මුල් කරගෙන ඉකුත් (17) සවස 4.00ට මධ්‍යම තැපැල් හුවමාරුවේ හා එදින මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් දියත් කළා. එය ආරම්භ කළේ අඛණ්ඩ වැඩවර්ජනයක් ලෙසයි. වර්ජනය ආරම්භයෙන් පසු තැපැල් පරිපාලනය දැඩි මර්ධන කාරි වැඩපිළිවෙලක් දියත් කළා. අනතුරුව සමාජයට බරපතල ලෙස අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් මෙම වැඩවර්ජනය අසාධාරණ ලෙස පෙන්වා දෙන්න උත්සහ කළා. විශේෂයෙන් ඇඟිළි සළකුණු භාවිතා නොකිරීම හා අතිකාල ලබාගැනීම සම්බන්ධයෙන් සිදූකරන වැඩවර්ජනයක් බව රටට පෙන්වාදෙන්න උත්සහ කෙරුවා ජනමාධ්‍ය මගින්.
නමුත් සත්‍ය එය නොවේ. අතිකාල ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීම නිසා යම් ගැටලුවක් තිබුණා. නමුත් පරිපාලනය කාලයක් මුළුල්ලේ පවතින ගැටලු විසඳන්න තැපැල් පාලකයින් ඉදිරිපත් වුණේ නෑ. වැඩවර්ජනය ආරම්භ කිරීමට පෙර තැපැල්පති සාකච්ඡාවක් ලබාදුන්නා. එහිදි යම් යම් එකඟතාවයන්ට පැමිණියා.නමුත් එම එකඟතා ක්‍රියාත්මක කිරීමට තැපැල්පති යටතේ සිටින යම් මාණ්ඬලික නිලධාරින් ක්‍රියා නොකළ නිසයි වැඩවර්ජනයට යෑමට සිදුවුණේ. වර්ජනනය ආරම්භ කොට දින හතක් යන තෙක් තැපැල් පරිපාලනය අදහස් හුවමාරු කරගන්න පැමිණියේ නෑ. පසුව (24)දා ඇමැතිවරයා සාකච්ඡාවක් ලබාදුන්නත් අපේ ගැටලු දහනවයට විසඳුම් එහිදි ලබා දෙන්නේ නෑ. තැපැල් පරිපාලනය ලබාදුන් උපදෙස් ඒ් ආකාරයටම ඇමැති පිළිගත්තා යන එක තමයි අපි දැක්කේ. වර්ජනය නිසා තැපැල් සේවාදායකයින් මුහුණ දෙන ගැටලුව අපි සැළකිල්ලට ගෙන අපේ යෝජනා විසඳන්න මාසයක කාලයක් පරිපාලනයට ලබාදෙමින් අපි වර්ජනය නැවැත්තූවා. වර්ජනය අවස්ථාවේදී ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් මධ්‍යම හුවමාරුව සම්බන්ධයෙන් බරපතල වැරැදි තීරණයක් ගත්තා. එම තීරණය මත තැපැල් මධ්‍ය හුවමාරුවේ තැපැල් භාණ්ඩ ගොඩගැසි තිබෙන අතර එය ඉතිහාසයේ වැඩිම තැපැල් භාණ්ඩ ගොඩගැසීම සිදුවි තිබෙනවා. මෙම වැරැදි තීරණය තමයි කිසිම සැලැස්මක් නැතිව තැපැල් හුවමාරුවේ ඇඟිළි සළකුණු වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම.
මෙම ඇඟළි සළකුණු නීතිය සම්බන්ධයෙන් කටයුතු සූදානම් වන්නේ 2009දී මෙම චක්‍රලේඛය පැමිණීමෙන් පසු 2011දී පමණ ඇඟිළි සළකුණු යන්ත්‍ර මධ්‍ය හුවමාරුවේ සවිකළා. නමුත් මෙහිදි තිබෙන සේවා ස්වභාවය අනුව මෙම ක්‍රමය ක්‍රියාත්මක කරගන්න නොහැකි වුණා. අනතුරුව ඇඟළිසළකුණු ව්‍යාපෘතිය ඉවත් කළා. වත්මන් තැපැල්පති මේ සම්බන්ධ යම් අවබෝධයක් ඇතිව නැවැත මේ ව්‍යාපෘතිය ගෙනාවද අවබෝධයක් නැතිව ගෙනාවද දන්නේ නෑ. අනෙක රජ අසීරුතාවයකට පත් කරන්න ගෙනාවද තැපෑල විනාශ කරන්න ගෙනාවද රටේ පුරවැසියන්ගෙන් පළිගන්නද යන්න අපි දන්නේ නෑ. (24)වර්ජනය අවසන්වෙනවිට තැපැල්පති මධ්‍ය හුවමාරුවේ ඇඟිළි සළකුණු සවි කළා චක්‍රලේඛයක් නිකුත් කළා. පොදු රාජ්‍යයේ ක්‍රියාත්මක රාජ්‍ය පරිපාලනයේ ක්‍රියාත්මක ඇඟිළි සළකුණු ක්‍රමවේදය අතිකාල සඳහා ක්‍රියාත්මක එම ක්‍රමය ආරම්භ කර තිබෙනවා. ඒ් අනුව සමස්ත සේවකයින් මෙම ක්‍රමය භාවිතා කරමින් කටයුතු කරනවා. මධ්‍ය හුවමාරුවේ ප්‍රධාන අංශ හතරක් ක්‍රියාත්මක කෙරෙන හතර එහි බරපතල පුරප්පාඩු ඇතිවි තිබෙනවා. කණිෂ්ඨක සේවකයින්ගේ මුළු ගණන එක්දහස් හයසීියක පමණ පුරප්පාඩු තිබෙන අතර මධ්‍ය හුවමාරවේ පමණක් හයසීයක පමණ පුරප්පාඩු තිබෙනවා. නිලධාරි පුරප්පාඩු බැලුවොත් මධ්‍ය හුවමාරුවේ පමණක් දෙසීයක පමණ පුරප්පාඩු තිබෙනවා. මේ පුරප්පාඩු මත මධ්‍ය හුවමාරුවේ රාජකාරි කෙරෙන්නේ පුරප්පාඩු මතයි. මෙහිදි සේවකයින් වෙනුවෙන් 30% ක්පමණ අතිකාල අනුවයි කටයුතු සිදුවෙන්නේ. මෙවැනි තත්ත්වයක මත තමයි තැපැල්පතිවරයා කිසිදු පූර්ව සැලසුමක් නැතිව මේ ඇඟළි සළකුණු යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ. මෙහි ප්‍රතිළුලය වන්නේ (24) සිට පුරප්පාඩු හා අනිවාර්යෙන් ඉටුකළ යුතු අතිකාල සේවාවාර පිළිබඳ දැඩි ගැටලුවක් පරිපාලනයට පැමිණ තිබෙන්නේ. මෙහිදි සේවකයින් අතිකාල ගෙවීමේ ගැටලුවක් තිබෙන නිසා සේවකයින් අතිකාල කරන්නේ නෑ. පාරිපාලනයට අතිකාරල ක්‍රියාත්මක කරන්නේ කොහාමද කියලා අදහසකුත් නෑ. මෙහි ප්‍රතිඵලයක් ලෙස අදවනවිට රුපියල් කෝටිකයටකට අසාන්න ඇති තැපැල් භාණ්ඩ ප්‍රමාණයක් මධ්‍ය හුවමාරුවේ ගොඩගැසි තිබෙනවා. මෙම භාණ්ඩ තොගයේ ඉකුත් (14) වෙනිදා සිට පැමිණි භාණ්ඩ තිබෙනවා. අපි වැඩවර්ජනය ආරම්භ කරනවිට රියැදුරන්ගේ ගැටලුවක් නිසා යම් විරෝධතාවයක තමයි ඒ් අය සිටියේ ඒ් නිසා තැපැල් බෙදාහැරීම යම් බිඳවැටීමක තමයි තිබුණේ. සමස්ත තැපැල් කාර්යාලවල තිබෙන භාණ්ඩ තොගත් සමග අපි විශ්වාස කරනවා රුපියල් කෝටි එකාහාමරක පමණ භාණ්ඩ තිබෙන බව. ඉතා සංවිධානාත්මක විධිමත් ලෙස කටයුතු කෙරුණු මෙම තැපැල් දෙපාර්තමේන්තුවේ දැනට කිසිදු සැලසුමක් නැති අත්තනෝමති තැපැල්පතිගේ කටයුතු නිසා අද තැපැල් භාණ්ඩ බෙදාගත නොහැකි තත්ත්වයක් උදාාවෙලා.
මෙහිදි තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ සභාපති ජි.ජි.සි.නිරෝෂන්, හා එච්.ඒ්.ආර්. නිහාල් හා ශාන්තප්‍රිය යන තැපැල් වෘත්තීය සමිති නායකයින්ද මෙහිදි අදහස් දැක්වූහ.