Home දේශීය පුවත් අධිකරණවල ගොඩගැසි ඇති නඩුභාණ්ඩ පිළිබඳ තීරණයක්…

අධිකරණවල ගොඩගැසි ඇති නඩුභාණ්ඩ පිළිබඳ තීරණයක්…

0
1

අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.

අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහෙස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන්  මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

එම නිෂ්කාශනය කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය නිෂ්කාශනයක් මගින් සොයාබැලීමට නියමිත අතර මාසිකව ප්‍රගති වාර්තාවක් යොමුකරන ලෙස ද සියලු විනිසුරුවරුන් වෙත අවධාරණය කර ඇති බව සඳහන් වේ.

නඩු භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම සියලු අධිකරණවල සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික සහ සාමූහික වගකීමක් වන අතර පවරණ රාජකාරී ඉටු නොකරන කාර්ය මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත.
 

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here