22.3 C
Sri Lanka
Friday, September 5, 2025
HomeTOPචීන ජනතාව ස්ථිර වශයෙන් නිවැරැදි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටිනවා-චීන ජනාධිපති ෂී ජින්...

චීන ජනතාව ස්ථිර වශයෙන් නිවැරැදි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටිනවා-චීන ජනාධිපති ෂී ජින් පිං

ලෝකයට අද තේරීමක් තිබෙනවා යුද්ධය හා සාමය අතර මෙතෙක් දැක ගත නොහැකිවු අති දැවැන් පෙළපාලියකින් මෙම සැමරුම් උත්සවය සංවිධානයවී තිබුණා. මෙම අතිවිශේෂ උත්සවයට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් එක්වීම සුවිශේෂි තත්ත්වයකී. මෙම උත්සවයක් සමග ඉතා ප්‍රබල පණිවුඩයක් ලෝකයට ලබාදෙන්න චීන නායකයා කටයුතු කර තිබුණා.

අමෙරිකානු ජනාධිපතිගේ තීරුබදු යුද්ධය හා අවිනිශ්චිත ප්‍රතිපත්ති හේතුවෙන් මිතුරු සතුරු රටවල් ආතතියකට ලක්වි තිබෙන අවස්ථාවක මේ සැමරුම මෙතරම් උත්කර්ෂවත් අයුරින් පැවැත්වීම විශේෂයකී. බී ජිං නුවර පනස් දහසක පමණ නරඹන්නන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

චීනයේ බෙයිජිං නුවර ටියැන්ආන්මෙන් චතුරශ්‍රයේදී ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ 80 වන සංවත්සරය සැමරීම සඳහා උත්සවයක් පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේදී, ඉතිහාසය සිහිපත් කරමින් සහ දිවි පිදූවන් ගෞරවයෙන් සිහිපත් කරමින් සාමය අගයන දීප්තිමත් අනාගතයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

ෂී ජින් පිං මහතා, යුද්ධයට සහභාගී වූ ප්‍රවීණයන්, දේශප්‍රේමීන් සහ චීන ජනතාව මෙන්ම එවකට චීනයට සහය දුන් විදේශීය රජයන්ට සහ ජාත්‍යන්තර මිතුරන්ට සිය ගෞරවය සහ කෘතඥතාව පුද කළා.

චීන-ජපන් යුද්ධය, චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ විදේශීය ආක්‍රමණවලට එරෙහිව චීන ජනතාව ලබාගත් පළමු පූර්ණ ජයග්‍රහණය ලෙස ඔහු හැඳින්වූ අතර, එය ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස ද සඳහන් කළා.

අද ලෝකය සාමය සහ ගැටුම් අතර තේරීමකට මුහුණ දෙන බව පැවසූ ජනාධිපතිවරයා, මානව ප්‍රජාවක පොදු ඉරණමක් සහිත සමාජයක් ගොඩනැගීමට චීනය කැපවී සිටින බව ප්‍රකාශ කළා.

අවසානයේ, චීන මහජන විමුක්ති හමුදාව ජාතික ස්වාධිපත්‍යය, එක්සත්භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් ලෝක සාමය සහ සංවර්ධනය සඳහා දායක විය යුතු බව ඔහු අවධාරණය කළා. මිනිස් සංහතිය අද යුද්ධය හා සාමයත් සංවාදය හෝ ගැටුමත් සියල්ලටම ජය ගෙනෙන වින් වින් තත්ත්වයක් හෝ සියල්ලටම කිසිවක් නොලැබෙන වාතාවරණයක් අතර තේරීම්වලට මුහුණදී සිටින බව ජනපතිවරයා පැවසුවා. එමෙන්ම චීන ජනතාව ස්ථිර වශයෙන් නිවැරැදි පාර්ශවය වෙනුවෙන් පෙනි සිටින බව පවසා සිටියා.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රාජ්‍ය නායකයන් කිහිප දෙනෙක් මෙම උත්සවයට සහභාගී වූ අතර, නවීන යුද උපකරණ සහ ගුවන් යානා ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. ‘පැහැබර අනාගතයක් උදෙසා ඉතිහාසය මතක තබා ගනිමින් දිවි පිදූවන් සිහි කර සාමය අගය කරමු’ යන්න මෙම සැමරුමේ ප්‍රධාන තේමාව විය. අද රාත්‍රියේ විශේෂ කලා ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments